Saturday, June 16, 2012

C# වලින් සරල MP3 Player එකක් හදමුද????



කොහොමද යාලුවනේ හොදින් කියලා හිතනවා අද අරගෙන ආවේ C# වලින් සරල MP3 Player එකක් හදාගන්න විදිය. MP3 Player එකක් කිව්වම හිතෙනවා ඇති පට්ට දිග කෝඩිංග්ස් ලියන්න ඇති කියලා.බොහොම පොඩි  කෝඩිංග්ස් ටිකක් තමා තියෙන්නේ ඒත් properties setting ටික තමා මෙතනදි වැදගත් වෙන්නෙ.වැඩේ කරන විදිය අග ඉදන් මුලට කියලා දෙන්නම් පෝස්ට් එක ඉවර වෙනකන්ම කියවන්න වෙනවා හැබැයි.......අවසානෙ ඔයාලටත් පුලුවන් ඔයාලගෙම ප්ලේයර් එකකින් සින්දු අහන්න.එහෙනම් ඉතින් වැඩ පටන් ගමු නේද?.
මුලින්ම කරන්න තියෙන්නෙ.visual studio open කරලා New project වලින් Windows Forms Application තෝරලා ඔයාලා කැමති නමක් දීලා project එකක් open කරන එක.ඊට පස්සේ Tool Box එක උඩ Right ක්ලික් කරලා “Choose Item”  කියන එක තෝරන්න.(01 රෑපය).ඊට පස්සේ එන window එකෙන් COM Components කියන tab එක යටතේ තියෙක Windows media player කියන එකට ටික් එකක් දාලා Ok කරන්න.(02 රෑපය)ඊට පස්සෙ Tool Box එකේ යටින් පෙන්නනවා අපි add කරපු  Windows media player එ‍කේ ලාංජනය.දැන් Tool Box එකේ ඇති TableLayoutPannel කියලා එකක් ඒක ෆෝම් එක මත ඇදගන්න.ඒකේ ColumnCount එක “1”ලෙසත් ,RowCount “3” ලෙසත්,Dock “Fill” ලෙසත්  Properties සකසන්න.ඊට පස්සෙ අපි ඇදගත් එකේ උඩින් ඇති පොඩි ත්රිකෝණයක් වගේ එකක් ඒක උඩ ක්ලික් කරලා Edit Rows and Column තෝරන්න.(03 රෑපය) දැන් එන Window එකේ show යටතේ තියෙන Rows තෝරලා දීලා  තමන්ට කැමති විදියට size එක හදාගන්න.(04 රෑපය)
ඊලගට අපි ඇදගත් එකේ යටම Row එකට OPEN  කියලා බටින් එකක් එකතු කරගන්න Dock Properties “Fill” ලෙසත්  සකසන්න.උඩම Row එකට අපි ගත්තු Windows media player එක ඩ්රැග් කරන්න.(05 රෑපය).මැද එකට List Box එකක් add කරගන්න.ඒකෙත් Dock Properties “Fill” ලෙසත්  සකසන්න.දැන්  Tool Box එකේ Dialogs යටතේ තියෙන OpenFileDialog” Box එක ෆෝම් එක මතට ගන්න.පහත විදියට ඒකෙත් Properties සකසන්න.
FilterIndex = 1
MultiSelect = True
Filter = MP3 Files|*.mp3|WAV Files|*.wav

දැන් තියෙන්නේ coding ලියන්න.ඒකට බට්න් එක උඩ ඩබල් ක්ලික් කරලා පහත තියෙන කෝඩ් ටික ලියන්න.
public partial class Form1 : Form
    {
        public Form1()
        {
            InitializeComponent();
        }
        string[] files, paths;//මේකත් ලියන්න.
        private void button1_Click(object sender, EventArgs e)
        {
            if (openFileDialog1.ShowDialog() == System.Windows.Forms.DialogResult.OK)
            {
                files = openFileDialog1.SafeFileNames;
                paths = openFileDialog1.FileNames;
                for (int i = 0; i < files.Length; i++)
                {
                    listBox1.Items.Add(files[i]);
                }

            }
        }

දැන් List Box එකේ Event වලින් SelectedIndexChanged කියන Event  එක ඉදිරියෙන් ඩබල් ක්ලික් කරලා පහත තියෙන කෝඩ් එක ලියන්න.

private void listBox1_SelectedIndexChanged(object sender, EventArgs e)
        {
            axWindowsMediaPlayer1.URL = paths[listBox1.SelectedIndex];
        }

මෙන්න රෑප ටික


 



මේ මම හදපු එක.



ඔයාලත් කරලා බලන්න මතක ඇතුව කමෙන්ටුවකුත් දාලා යන්න හොදේ.........


Wednesday, June 13, 2012

C# වලින් සරල ඕගනයක් හදමුද....?


කලින් පාඩමකින්  වැඩසටහනකට Beep Tones සහ වෙනත් හඩ කොටස් යොදාගෙන වැඩසටහන් සකස් කරන විදිය ගැන කතා කලා.ඔන්න කියපු විදියටම අද අරගෙන ආවේ සරල ඕගනයක් හදන්නෙ කොහොමද කියලා.මේ සදහා මුලින්ම ෆෝම් එක මතට බට්න් 13 ක් ඇතුලත් කරගන්න.(පහලින් තියෙන රෑපයේ ආකාරයට)ඒ වගේම හැම බට්න් එකක් යටින්ම මුලික ස්වර වල නම් දැක්වෙන ලේබල් 13කුත් එකතු කරගන්න.මුලික ස්වර තමයි C,C#,D,Eb,E,F,F#,G,Ab,A,Bb,B,සහ C.
දැන් අපි මේ හදන ඕගන් එක Key Board එක මගින් ක්රියාත්මක කල හැකි ආකාරයට හදන්නයි යන්නෙ.මේකට Key Board එකේ පහසු Key ටිකක් තෝරා ගන්න ඕනේ ඒ නිසා පහලින් තියෙන රෑපයේ විදියට බට්න් සදහා පිලිවෙලින් Z,S,X,D,C,Y,G,B,H,N,J,M විදියට නම් යොදාගන්න.මේ අකුරැ තද කරන විට අදාල බට්න් එක ක්රියාත්මක වෙන්නනම් අදාල බට්න් එක නම් කරද්දි ඊට ඉදිරියෙන් & මාර්ක් එක යොදන්න.උදාහරණයක් විදියට Z ට අදාල බට්න් එකේ Text Property එක ඉදිරියෙන් &Z කියලා type කරානම් හරි.ඕනෙම අකුරක් ඉදිරියෙන් & මාර්ක් එක යෙදුවොත් ඒකට පස්සෙ තියෙන අකුර  Key Board එකෙන් තද කරද්දි ඊට අදාල බට්න් එක ක්රියාත්මක වෙනවා.දැන් පහලින් තියෙන විදියට ෆෝම් එක ඩිසයින් කරලා අදාල කෝඩිංග්ස් මේ ආකාරයට ලියන්න.
  • C ස්වරය සදහා             - Console.Beep(261,500);
  • C# ස්වරය සදහා           - Console.Beep(277,500);
  • Eb ස්වරය සදහා           - Console.Beep(293,500);
  • E ස්වරය සදහා             - Console.Beep(311,500);
  • F ස්වරය සදහා              - Console.Beep(349,500);
  • F# ස්වරය සදහා            - Console.Beep(370,500);
  • G ස්වරය සදහා             - Console.Beep(392,500);
  • Ab ස්වරය සදහා           - Console.Beep(415,500);
  • A ස්වරය සදහා             - Console.Beep(440,500);
  • Bb ස්වරය සදහා           - Console.Beep(466,500);
  • C ස්වරය සදහා             - Console.Beep(494,500);
  • ස්වරය සදහා                - Console.Beep(523,500);
ෆෝම් එක ඩිසයින් කරන්න ඕනේ මේ විදියට...(පිංතූරය මත ක්ලික් කරන්න රෑපය ලොකු කර බලාගැනීමට)








බට්න් වල Text properties එක හදන්නෙ මේ විදියට


Beep Tones සහ වෙනත් හඩ කොටස් යොදා වැඩසටහන් සැකසීම.


පරිගණක වැඩසටහන් සැකසීමේදි එය භාවිතා කරන අයට පණිවිඩ ලබාදෙන්න විවිධ Tones යොදා ගන්නවා.අද  කතා කරන්නේ C sharp වලින් හදන වැඩසටහන් වලට කොහොමද මේ Beep Tones සහ වෙනත් හඩ කොටස් යොදා ගන්නෙ කියලා. මේ මොකක්ද කියලා තේරැම් ගන්න පොඩි program එකක් කරලා බලමු. මුලින්ම form එක මතට Button එකක් add කරගන්න.මේ  Button එක උඩ ක්ලික් කරද්දි Beep හඩක් නිකුත් වෙන්න තමා කෝඩිංග්ස් ලියන්න ඕනෙ.ගොඩක් පොඩි කෝඩිංග්ස් එකක් තමා ලියන්න තියෙන්නෙ. Button එක උඩ ඩබල් ක්ලික් කරලා code window එකේ Console.Beep(); කියලා  ලියන්න විතරයි තියෙන්නෙ.මෙහිදි ලැබෙන්නෙ බීප් හඩක් විතරනෙ ඒත් අපට පුලුවන් විවිධ සංඛ්‍යාත වලින් යුතු Beep Tones ලැබෙන ආකාරයට වැඩසටහන් ලියන්න.අපි කලින් ලියපු කෝඩිංග්ස් එකේම පොඩි වෙනසක් කරන්න විතරයි තියන්නෙ.ලිවිය යුතු ආදර්ශ කේතය මෙහෙමයි.
 Console.Beep(සංඛ්‍යාතය,කාල පරාසය);
සංඛ්‍යාතය ලබා දෙන්න ඕනෙ හර්ට්ස් වලින් එය 37 සිට 32767 දක්වා වු පරාසයකින් ලබා දෙන්න පුලුවන්.37 වැනි අඩු අගයන් වලදි පහත් ස්වරවල ශබ්දත් වැඩි අගයන් වලදි ඉහල ස්වරවල ශබ්දත් ලබාගත හැකිය.කාල පරාසය ලබාදිය යුත්තේ තප්පරයෙන් දහසෙන් පංගු වලින් ඒ කියන්නේ අපට ශබ්දය තත්පරයක කාලයක් එන්න ඕනේනම් ලබාදෙන්න ඕනේ 1000.මේ අනුව අපට පුලුවන් සරල ඕගනයක් උනත් හදන්න.ඒ ගැන තවත් දවසක කතා කරමු එහෙනම් අදට නවතින්නම්.............

Sunday, June 10, 2012

ලැප් එකේ බැටරියේ charging කාලය අඩුවෙලාද...?

අදත්  අවා පෝස්ට් එකක් අරගෙන.නමුත්  මේ පෝස්ට් එකත් c sharp ගැනනම් නෙමේ.දැන් ගොඩක් අය භාවිතා කරන්නේ ලැප් නිසා හිතුවා මේ පොස්ට් එක ලියල දාන්න.කොහොමත් ටික කාලයක් ලැප් එක use කරද්දී බැටරියේ charging capacity එක අඩු වෙනවා.නමුත් එක පාරටම ලැප් එක ඉක්මනට fully charge වීම,එහෙමත් නැත්නම් වෙනදට වැඩ ඉක්මනින් බැටරිය බැහැල යනවනම් එක්කෝ බැටරිය නරක් වෙලා එහෙමත් නැත්නම් අනික් ප්‍රධානම හේතුව තමා බැටරියේ charging ගැන මතකයේ තියාගන්න හදල තියෙන micro චිප් එකේ memory අවුල් වීම.මුලින්ම කියපු විදියට බැටරිය නරක් වෙලානම් ඉතින් කරන්න තියෙන්නේ අලුත් එකක් ගන්න ඒක තමා.එත් දෙවැනියට කියපු දේ නිසානම් බැටරිය අවුල් වෙලා තියෙන්නේ ඒක හදාගන්න පුළුවන්.
ලැප් බැටරියේ තියෙන micro චිප් එකේ තමා charging capacity ඒක ගැන ඔක්කොම විස්තර ඇතුලත් කරලා තියෙන්නේ අපි නිතරම current එකෙන් සහ බැටරි බලයෙන් ලැප් ඒක use කරද්දී මේ චිප් එකේ timing අවුල් යනවා එතකොට තමා ඉක්මනින් fully charge වෙන්නේ සහ ඉක්මනින් බැටරිය බහින්නේ.ඒ නිසා කරන්න තියෙන්නේ බැටරිය  reset කරන ඒක.එතකොට micro චිප් එකත් මුලින් පැවති තත්වයටම එනවා.
ඒ කියන්නේ අර  timing අවුල් ගිය ඒවා හරි ගිහින් බැටරිය fully charging level එකටම charge වෙනවා මේකට කියන්නේ බැටරිය calibrate කරනවා කියල.දැන් බලමු බැටරිය calibrate කරන්නේ කොහොමද කියල.
පහලින් ඇති පියවර ටික 

01.පියවර.බැටරිය fully charge කිරීම.

02.පියවර බැටරිය full discharge කිරීම.
මේක කරන්නනම් මුලින්ම අපි අලුත් power plan එකක් create කරගන්න ඕනේ.power plan එක create කරගන්න පහත පියවර අනුගමනය කරන්න.
  • මුලින්ම control panel ගිහින් hardware and sound වල power plan තෝරලා Next කරන්න.
  • ඊට පස්සේ power plan dialog box එකේ වම් පැත්තේ ඇති " create a power plan " කියල එකක් ඒක තෝරලා  power plan ඒකට නමක් දීල next කරන්න.
  • ඊළගට එන dialog box එකේ " On Battery " යටතේ තියෙන ඔක්කොටම " Never " කියන option එක දීල " create " කියන button එක click කරලා window එක close කරන්න.දැන් හරි ඊළගට තියෙන්නේ අවසාන පියවර.
03.අවසාන පියවර.
 බැටරිය fully charge උනාට පස්සේ අපි හදපු power plan එක select කරලා ලැප් එක off වෙලා යනකන්ම ලැප් එකෙන් වැඩ කරන්න.warning message ගණන් ගන්න එපා.off උනාට පස්සෙත් ලැප් එකේ power button එක එක පාරක් ඔබල බැටරියේ තියෙන current එකත් ඉවත් කරන්න.දැන් වැඩේ හරි...!!!!!. දැන් බැටරිය නැවතත් fully charge කරලා වෙනද වගේම use කරන්න.micro චිප් එකේ අවුලක් නිසානම් බැටරිය අවුල් ගියේ ඒ ගැටළුව දැන් හරි.

Thursday, June 7, 2012

Dic එකකට එහා ගිය "නාමල්" Dictionary

අද ඔයාලට ගෙනාවේ ලංකාවේ වැඩ කාරයෙක් හදපු software එකක් ගැන.මේක dictionary එකක් එත් ඊටත් වඩා වැඩකිඩ ගොඩක් add කරලා හදපු software එකක් කීවොත් තමා හරි හදල තියෙන්නේ "නාමල් ජයතුංග" කියන "රුහුණු campus" එකේ අය්ය කෙනෙක් .මේ dictionary  එකෙන් අපට පුළුවන් English සිංහල ඒ වගේම සිංග්ලිෂ් උනත් බවිත කරලා වචන හොයන්න.මේ software එකෙන් අපි ෆිල්ම් බලද්දී යටින් යන  subtitle word  පවා search කරගැනීමේ හැකියාවක් තියෙනවා.නමුත් ඒ chance එක ගන්න වෙන්නේ kmp  player එක බාවිතා කරන අයට.මොකද kmp player  එකට ගැලපෙන විදියට plugin එකක් තමා dictionary එකට add කරලා තියෙන්නේ.මුලින්ම kmp player  එකෙන් ෆිල්ම් එක open කරලා dictionary එකේ main මෙනු එකේ තියෙන Subtitle Word Search කියන tick එක add කරගන්න ඕනේ.අපි ෆිල්ම් එකේ යම් position එකක තේරුම දැන් නැත්නම් කරන්න තියෙන්නේ keyboard එකේ space bar එක ඔබන්න විතරය්.ඊට පස්සේ position එකට අදාල ඔක්කොම English වචන වල තේරුම පෙන්නාවි.ඔයාලත් අරගෙන බලන්න මේකේ beta version එකේ ලින්ක් එක පහලින් දාන්නම්.මේක ගැන වැඩිපුර විස්තර ගන්න ඕනෙනම් මේ
නාමල් යාය බ්ලොග් එක බලන්න පහලින් ඇති ලින්ක් එක. 


YouTube Downloader 3.0.17.1117 Portable...

කොහොමද යාලුවනේ අද ඔයාලට අරන් ආවෙ පොඩි Software කෑල්ලක්.Free YouTube Down-loader 3.0.17.1117 තමයි මේකේ නම..මෙය install නොකරම භාවිතා කරන්න පුලුවන්.ඒ කියන්නේ portable software එකක්.අපට ඕනේනම් pen එකක උනත් දාගෙන ගිහින්  භාවිතා කිරීමේ හැකියාව තියෙනවා .ඒකත් ලොකු වාසියක් මේ software එකේ තියෙන.ඒ වගේම avi, wmv, mov, mp4,වගේ ගොඩක් format වල video භාගන්න පුලුවන් මේ software එක භාවිතා  කරලා.ඔයාලත් කැමතිනම් අරගෙන බලන්නකෝ.පහලින් ඇති ලින්ක් එක.

Wednesday, June 6, 2012

Adobe Photoshop C6 නවතම සංස්කරණය...


කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවේ.අද ගෙනාවේ Adobe Photoshop  C6 නවතම සංස්කරණය ගැන.2012 මාර්තු මස 21 වෙනිදා තමයි Adobe Photoshop  C6 නවතම වෙළුම නිකුත් උනේ.මෙහිදී මූලික අවධානය යොමු කරලා තියෙන්නේ interface එකට සහ designing tools වල performance එක වැඩි කරන්න තමයි.
අලුතෙන්ම එකතු වෙලා තියෙන අංගය තමයි video editing tool එක.ඒ කියන්නෙ අපට ඕනෙනම් video editing උනත් Adobe Photoshop  C6 භාවිතා කරලා කරගන්න පුලුවන්. මීට අමතරව color සහ exposure adjustments ඒ වගේම  layers භාවිතයත් කලින් පැවති cs5 සංස්කරණයට වඩා තරමක් වෙනස් ආකාරයට තමයි මෙහි ඉදිරිපත් කරලා තියෙන්නෙ.අපට පුලුවන් මෙහි Beta version එක ඕනේනම් අත්හදා බලන්න.පහලින් ගන්න.