Wednesday, June 13, 2012

Beep Tones සහ වෙනත් හඩ කොටස් යොදා වැඩසටහන් සැකසීම.


පරිගණක වැඩසටහන් සැකසීමේදි එය භාවිතා කරන අයට පණිවිඩ ලබාදෙන්න විවිධ Tones යොදා ගන්නවා.අද  කතා කරන්නේ C sharp වලින් හදන වැඩසටහන් වලට කොහොමද මේ Beep Tones සහ වෙනත් හඩ කොටස් යොදා ගන්නෙ කියලා. මේ මොකක්ද කියලා තේරැම් ගන්න පොඩි program එකක් කරලා බලමු. මුලින්ම form එක මතට Button එකක් add කරගන්න.මේ  Button එක උඩ ක්ලික් කරද්දි Beep හඩක් නිකුත් වෙන්න තමා කෝඩිංග්ස් ලියන්න ඕනෙ.ගොඩක් පොඩි කෝඩිංග්ස් එකක් තමා ලියන්න තියෙන්නෙ. Button එක උඩ ඩබල් ක්ලික් කරලා code window එකේ Console.Beep(); කියලා  ලියන්න විතරයි තියෙන්නෙ.මෙහිදි ලැබෙන්නෙ බීප් හඩක් විතරනෙ ඒත් අපට පුලුවන් විවිධ සංඛ්‍යාත වලින් යුතු Beep Tones ලැබෙන ආකාරයට වැඩසටහන් ලියන්න.අපි කලින් ලියපු කෝඩිංග්ස් එකේම පොඩි වෙනසක් කරන්න විතරයි තියන්නෙ.ලිවිය යුතු ආදර්ශ කේතය මෙහෙමයි.
 Console.Beep(සංඛ්‍යාතය,කාල පරාසය);
සංඛ්‍යාතය ලබා දෙන්න ඕනෙ හර්ට්ස් වලින් එය 37 සිට 32767 දක්වා වු පරාසයකින් ලබා දෙන්න පුලුවන්.37 වැනි අඩු අගයන් වලදි පහත් ස්වරවල ශබ්දත් වැඩි අගයන් වලදි ඉහල ස්වරවල ශබ්දත් ලබාගත හැකිය.කාල පරාසය ලබාදිය යුත්තේ තප්පරයෙන් දහසෙන් පංගු වලින් ඒ කියන්නේ අපට ශබ්දය තත්පරයක කාලයක් එන්න ඕනේනම් ලබාදෙන්න ඕනේ 1000.මේ අනුව අපට පුලුවන් සරල ඕගනයක් උනත් හදන්න.ඒ ගැන තවත් දවසක කතා කරමු එහෙනම් අදට නවතින්නම්.............

0 comments: