Thursday, May 10, 2012

Do while loop භාවිත කිරීම

do while loop එක ක්‍රියාත්මක වෙන්නේ අප විසින් දෙන කොන්දේසියක් සත්‍යව පවතින තාක් පමණි.මෙහිදී කොන්දේසිය අසත්‍ය වුවහොත් අදාල loop එකෙන් ඉවත් වේ.do while loop හි පොදු සැකැස්ම පහත පරිදිය.
do
{
ලූප් එක තුල ක්‍රියාත්මක විය යුතු coding 
}
while කොන්දේසිය


Do while loop එක කිරියාත්මක වන ආකාරය අවබෝධ කර ගැනීම සදහා පහත දැක්වෙන ලේබල් එක සහ


බටින් එක ‍ෆෝමි තුලට ඇතුල් කර ගන්න.දැන් බට්න් එක උඩ ඩබල් click  කර සදහා පහත ආකාරයට කෝඩිංස් ලියන්න.
int a = 1;
do
{
    a = a+1;
}
while (a <= 10);
label1.text = Convert.ToString(a);
මෙහි පලමු පේලිය මගින් a කියන variable එකක් ගොඩ නගා එයට ආරමිභක අගය ලෙස 1 ඇතුල් කෙරේ. c sharp තුල while loop එ‍කෙහි කොන්දේසිය පරික්ෂා කරන්නේ එකෙහි අවසානයේදිය.ඒ නිසා දී ඇති කොන්දේසිය සත්‍ය වුවද අසත්‍ය වුවද  කිරීමට එම කොන්දේසිය පරික්ෂා කිරීමට පෙර loopඑක එක් වටයක් ක්රියාත්මක වේ.
ඉහත loop එකෙහි  do යන කොටසින් loop එකට ඇතුල් වු පසු a = a+1; මගින් a වේරියබල් එකේ දැකට ඇත් අගයට තවත් එකක් එකතු කෙරේ.මෙය සෑම වටයකදීම සිදුවන බැව්න් නිතරම a වේරියබල් එකට 1ක් එකතු වේ.loop එක තුල ඇති (while (a <= 10)) මගින් a වේරියබල් එකේ අගය 10ට වඩා කුඩා හෝ සමාන බව පරික්ෂා කෙරේ.කොන්දේසිය අසත්‍ය නම් loop එකෙන් ඉවත් වෙයි.එනම් loop එක ක්රියාත්මක විය යුත්තේ වට 10කි.නමුත් ඔයාලට ගැටලුවක් ඇති මෙහි අවසාන අගය ලෙස 11 ලැබේ.ඒකට හේතුව කොන්දේසිය අසත්‍ය වුවත් loop එක වටයක් ක්රියාත්මක වන නිසාය.do while loop එකත් එක්ක combo box එකක් භාව්තා කිරීම සහ loop එක තුල තවත් loop එකක් ක්රියාත්මක කරන හැටි තවත් පාඩමකින් බලමු.