Monday, May 28, 2012

SWITCH STATEMENT භාවිතා කරන හැටි...


අප විසින් දෙනු ලබන කෝන්දේසි දිගින් දිගටම පරික්ෂා කර බලා ඒවායේ සත්‍ය අසත්‍ය භාවය පදනම් කරගෙන වැඩසටහන ක්රියාත්මක කිරීම If,Else,Else If  භාවිතා කරලා කරන්න පුලුවන්.ඒත් කෝඩ්ංග්ස් ගොඩක් දිගට ලියන්න වෙනවා. ඒ නිසා තමයි අපි Switch Statement එක භාවිතා කරන්නෙ.මෙහිදි අපට තියෙන වාසිය වැඩසටහන ක්රියාත්මක වීමට ගත වන කාලය අඩු වීම.දැන් අපි බලමු කොහොමද  Switch Statement එකක් ලියන්නෙ කොහොමද කියලා.

switch
{
case"අගයක්";


සත්‍යනම් සිදුවිය යුතු දේ;
break;
............
............
............
default;
ඉහත සියල්ලම අසත්‍යනම් සිදුවිය යුතු දේ;
break;
}
Switch Statement වඩාත් හොදින් මෙය අවධාරණය කරගැනීමට පහත උදාහරණය භාවිතා කරමු.
මුලින්ම එක form මතට Label එකක් Button එකක් සහ Text Box එකක් ඇතුල් කර ගන්න.මෙහිදී සිදු විය යුත්තේ Text Box එකට ඇතුලත් කරන අංකයට අදාලව සතියේ දවස් ලේබල් එක මත Display වීමයි.දැන් Button එක සදහා පහත අකාරයට කෝඩිංග්ස් ලියන්න.
switch (textBox1.Text)
{
 case"1";
 label1.Text = "Sunday";
 break;

 case"2";
 label1.Text = "Monday";
 break;

 case"3";
 label1.Text = "Tuesday";
 break;

 case"4";
 label1.Text = "Wednesday";
 break;

 case"5";
 label1.Text = "Thursday";
 break;

 case"6";
 label1.Text = "Friday";
 break;

default;
 label1.Text = "Saturday";
 break;
}




0 comments: