Friday, May 18, 2012

for loop යොදා ගෙන වැඩසටහන් සැකසීම


සෑම programming language එකකටම පොදු දෙයක් ලෙස loop හැදින්විය හැකිය.loop එකක් මගින් කරන්නේ එකම කෝඩ් කොටසක් නැවත නැවත ක්රියාත්මක කිරීමයි.loop වර්ග ගණනාවක් ඇති අතර ඉන් for loop නිතරම භාවිතා කිරීමට සිදුවන loop එකකි.අපි අද මෙම loop එක යොදා ගන්නා ආකාරය බලමු.for loop එකෙහි සාමාන්‍ය ව්‍යුහය පහත පරිදිය.

for(data ටයිප් එක variable නාමය සහ ආරම්භක අගය‍;| සැසදීම අවසන් කල යුතු අගය;| ක්රියාත්මක විය යුතු ආකාරය)
{


    ක්රියාත්මක විය යුතු කොටස
}
අපි දැන් list box තුලට for loop එක භාවිතා කොට සංඛ්‍යා කිහිපයක් ඇතුලත් කරමු.මුලින්ම බට්න් එකක් සහ ලිස්ට් බොක්ස් එකක් ෆෝම් එක තුලට ඇතුලත් කරගන්න.පසුව button1එක සදහා පහත ආකාරයට කෝඩි කරන්න.

for (int a =1; a <=10; a++)
    {
    listBox1.Items.Add(a);
    }