Sunday, June 10, 2012

ලැප් එකේ බැටරියේ charging කාලය අඩුවෙලාද...?

අදත්  අවා පෝස්ට් එකක් අරගෙන.නමුත්  මේ පෝස්ට් එකත් c sharp ගැනනම් නෙමේ.දැන් ගොඩක් අය භාවිතා කරන්නේ ලැප් නිසා හිතුවා මේ පොස්ට් එක ලියල දාන්න.කොහොමත් ටික කාලයක් ලැප් එක use කරද්දී බැටරියේ charging capacity එක අඩු වෙනවා.නමුත් එක පාරටම ලැප් එක ඉක්මනට fully charge වීම,එහෙමත් නැත්නම් වෙනදට වැඩ ඉක්මනින් බැටරිය බැහැල යනවනම් එක්කෝ බැටරිය නරක් වෙලා එහෙමත් නැත්නම් අනික් ප්‍රධානම හේතුව තමා බැටරියේ charging ගැන මතකයේ තියාගන්න හදල තියෙන micro චිප් එකේ memory අවුල් වීම.මුලින්ම කියපු විදියට බැටරිය නරක් වෙලානම් ඉතින් කරන්න තියෙන්නේ අලුත් එකක් ගන්න ඒක තමා.එත් දෙවැනියට කියපු දේ නිසානම් බැටරිය අවුල් වෙලා තියෙන්නේ ඒක හදාගන්න පුළුවන්.
ලැප් බැටරියේ තියෙන micro චිප් එකේ තමා charging capacity ඒක ගැන ඔක්කොම විස්තර ඇතුලත් කරලා තියෙන්නේ අපි නිතරම current එකෙන් සහ බැටරි බලයෙන් ලැප් ඒක use කරද්දී මේ චිප් එකේ timing අවුල් යනවා එතකොට තමා ඉක්මනින් fully charge වෙන්නේ සහ ඉක්මනින් බැටරිය බහින්නේ.ඒ නිසා කරන්න තියෙන්නේ බැටරිය  reset කරන ඒක.එතකොට micro චිප් එකත් මුලින් පැවති තත්වයටම එනවා.
ඒ කියන්නේ අර  timing අවුල් ගිය ඒවා හරි ගිහින් බැටරිය fully charging level එකටම charge වෙනවා මේකට කියන්නේ බැටරිය calibrate කරනවා කියල.දැන් බලමු බැටරිය calibrate කරන්නේ කොහොමද කියල.
පහලින් ඇති පියවර ටික 

01.පියවර.බැටරිය fully charge කිරීම.

02.පියවර බැටරිය full discharge කිරීම.
මේක කරන්නනම් මුලින්ම අපි අලුත් power plan එකක් create කරගන්න ඕනේ.power plan එක create කරගන්න පහත පියවර අනුගමනය කරන්න.
  • මුලින්ම control panel ගිහින් hardware and sound වල power plan තෝරලා Next කරන්න.
  • ඊට පස්සේ power plan dialog box එකේ වම් පැත්තේ ඇති " create a power plan " කියල එකක් ඒක තෝරලා  power plan ඒකට නමක් දීල next කරන්න.
  • ඊළගට එන dialog box එකේ " On Battery " යටතේ තියෙන ඔක්කොටම " Never " කියන option එක දීල " create " කියන button එක click කරලා window එක close කරන්න.දැන් හරි ඊළගට තියෙන්නේ අවසාන පියවර.
03.අවසාන පියවර.
 බැටරිය fully charge උනාට පස්සේ අපි හදපු power plan එක select කරලා ලැප් එක off වෙලා යනකන්ම ලැප් එකෙන් වැඩ කරන්න.warning message ගණන් ගන්න එපා.off උනාට පස්සෙත් ලැප් එකේ power button එක එක පාරක් ඔබල බැටරියේ තියෙන current එකත් ඉවත් කරන්න.දැන් වැඩේ හරි...!!!!!. දැන් බැටරිය නැවතත් fully charge කරලා වෙනද වගේම use කරන්න.micro චිප් එකේ අවුලක් නිසානම් බැටරිය අවුල් ගියේ ඒ ගැටළුව දැන් හරි.

Thursday, June 7, 2012

Dic එකකට එහා ගිය "නාමල්" Dictionary

අද ඔයාලට ගෙනාවේ ලංකාවේ වැඩ කාරයෙක් හදපු software එකක් ගැන.මේක dictionary එකක් එත් ඊටත් වඩා වැඩකිඩ ගොඩක් add කරලා හදපු software එකක් කීවොත් තමා හරි හදල තියෙන්නේ "නාමල් ජයතුංග" කියන "රුහුණු campus" එකේ අය්ය කෙනෙක් .මේ dictionary  එකෙන් අපට පුළුවන් English සිංහල ඒ වගේම සිංග්ලිෂ් උනත් බවිත කරලා වචන හොයන්න.මේ software එකෙන් අපි ෆිල්ම් බලද්දී යටින් යන  subtitle word  පවා search කරගැනීමේ හැකියාවක් තියෙනවා.නමුත් ඒ chance එක ගන්න වෙන්නේ kmp  player එක බාවිතා කරන අයට.මොකද kmp player  එකට ගැලපෙන විදියට plugin එකක් තමා dictionary එකට add කරලා තියෙන්නේ.මුලින්ම kmp player  එකෙන් ෆිල්ම් එක open කරලා dictionary එකේ main මෙනු එකේ තියෙන Subtitle Word Search කියන tick එක add කරගන්න ඕනේ.අපි ෆිල්ම් එකේ යම් position එකක තේරුම දැන් නැත්නම් කරන්න තියෙන්නේ keyboard එකේ space bar එක ඔබන්න විතරය්.ඊට පස්සේ position එකට අදාල ඔක්කොම English වචන වල තේරුම පෙන්නාවි.ඔයාලත් අරගෙන බලන්න මේකේ beta version එකේ ලින්ක් එක පහලින් දාන්නම්.මේක ගැන වැඩිපුර විස්තර ගන්න ඕනෙනම් මේ
නාමල් යාය බ්ලොග් එක බලන්න පහලින් ඇති ලින්ක් එක. 


YouTube Downloader 3.0.17.1117 Portable...

කොහොමද යාලුවනේ අද ඔයාලට අරන් ආවෙ පොඩි Software කෑල්ලක්.Free YouTube Down-loader 3.0.17.1117 තමයි මේකේ නම..මෙය install නොකරම භාවිතා කරන්න පුලුවන්.ඒ කියන්නේ portable software එකක්.අපට ඕනේනම් pen එකක උනත් දාගෙන ගිහින්  භාවිතා කිරීමේ හැකියාව තියෙනවා .ඒකත් ලොකු වාසියක් මේ software එකේ තියෙන.ඒ වගේම avi, wmv, mov, mp4,වගේ ගොඩක් format වල video භාගන්න පුලුවන් මේ software එක භාවිතා  කරලා.ඔයාලත් කැමතිනම් අරගෙන බලන්නකෝ.පහලින් ඇති ලින්ක් එක.

Wednesday, June 6, 2012

Adobe Photoshop C6 නවතම සංස්කරණය...


කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවේ.අද ගෙනාවේ Adobe Photoshop  C6 නවතම සංස්කරණය ගැන.2012 මාර්තු මස 21 වෙනිදා තමයි Adobe Photoshop  C6 නවතම වෙළුම නිකුත් උනේ.මෙහිදී මූලික අවධානය යොමු කරලා තියෙන්නේ interface එකට සහ designing tools වල performance එක වැඩි කරන්න තමයි.
අලුතෙන්ම එකතු වෙලා තියෙන අංගය තමයි video editing tool එක.ඒ කියන්නෙ අපට ඕනෙනම් video editing උනත් Adobe Photoshop  C6 භාවිතා කරලා කරගන්න පුලුවන්. මීට අමතරව color සහ exposure adjustments ඒ වගේම  layers භාවිතයත් කලින් පැවති cs5 සංස්කරණයට වඩා තරමක් වෙනස් ආකාරයට තමයි මෙහි ඉදිරිපත් කරලා තියෙන්නෙ.අපට පුලුවන් මෙහි Beta version එක ඕනේනම් අත්හදා බලන්න.පහලින් ගන්න.





Thursday, May 31, 2012

නීරෝ[Nero] වලින් burning කිරීම එපා වෙලාද?

කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනා.අද ඔයාලට අරගෙන ආවේ අලුත් සොෆ්ට්වෙයා එකක් ගැන.අපි හැමෝම වගේ CD/DVD රයිටින් කරන්න ගොඩක්ම භාවිතා කරන්නේ නීරෝ කියන සොෆ්ට්වෙයා එක.ඒත් නීරෝ දාගත්තම තියෙන ලෙඩේ තමා මේක ගොඩක් වෙලාවක් ගන්නවා Load වෙන්න ඒ වගේම තමා මේකෙන් රයිටින් කරන්න ගත්තම අපට වෙන වැඩක් කරගන්න අමාරැයි.මේ ලෙඩේ ගොඩක්ම බලපාන්නෙ රැම් එක ටිකක් අඩුවෙන් තියෙන පරිගණක වලට.
දැන් අවුලක් නෑ Ashampoo කියන සමාගමෙන් නීරෝ වෙනුවට භාවිතා කරන්න පුලුවන් අංග සම්පූර්ණ සොෆ්ට්වෙයා එකක් හදුන්වලා දීලා තියෙනවා.මෙහි අලුත්ම සංස්කරණය තමා Ashampoo-Burning Studio-11 කියන්නෙ.