Saturday, May 26, 2012
ASCII Code යොදා වැඩසටහන් සැකසීම...

Key Board Events භාවිතා කිරීම.
අද ඔයාලට කියලා දෙන්නේ සී ෂාප් වැඩසටහන් වලදී ඒවා පාලනය කරන Events ගැන.අපි මෙතෙක් කථා කල වැඩසටහන් සියල්ලෙම අපි වැඩ සටහන් ලිව්වේ click Event එකේ.මීට අමතරව අපට වැඩසටහන් ලිවීමේදී මවුස් බට්න් එක අත හැරීමේදි,යමක් මතට මවුස් පොයින්ටරය ගෙන යාමේදි,මවුසය සෙලවිමේදි මෙන්ම කී බෝඩ් එක භාවිත වෙන කාර්යන් වලදි එම කාර්ය විස්තර වෙන පණිවිඩයක් මෙහෙයුම් පද්ධතියෙන් නිකුත් කෙරෙනවා.ඉතින් අපි අද බලමු මේ key board events මොනවද කියලා.
සී ෂාප් වැඩසටහන් වලදී key Press, key Down, key Up ලෙස Events තුනක් භාවිතා වෙනවා.key Press Events එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කර ගෙන සිටින විටයි.key Down Events එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කල විටයි. key Up Events එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කර නැවතත් නිදහස් කල විටයි.

Wednesday, May 23, 2012
ජංගම දත්ත සදහා Password Protection..

අප සියලු දෙනාටම පවතින ගැටලුවක් තමා අපගේ පෙන් ඩ්ර්යිව් එක ඒ වගේම මොබයිල් phone එකේ මෙමරි sticks,මෙමරි cards අන් අයගේ භාවිතයෙන් වලක්වා ගන්න එක.දැන් බයවෙන්න දෙයක් නෑ.ඔන්න ඒකටත් අලුත් software කෑල්ලක් ඇවිල්ලා.මේක හදුන්වලා තියෙන්නේ USB Secure® 1.6.6 කියලා.මෙම software එක PC independent software එකක් ඒ නිසා ඉන්ස්ටෝල් කිරිම සහ administrator rights ලබාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ.USB Secure අපගේ පෙන් ඩ්ර්යිව් එකට එහෙම නැත්නම් මෙමරි Cards එකට ඇතුලත් කිරීම පමණයි අවශ්‍ය.අපේ drive එක කොම්පියුටර් එකට ප්ලග් ඉන් කරපු වහාම මෙය ක්රියාත්මක වෙනවා.අපට drive එකට පාස්වර්ඩ් එකක් දා ගන්න ඕනේ නම් පාස්වර්ඩ් එක සෙට් කරලා කන්ෆර්ම් කරන්න විතරයි තියෙන්නෙ.මේ නිසා අපට අපගේ data නැති වීමෙන් සහ data සොරා ගැනීමෙන් ආරක්ෂා කරගන්න පුලුවන් මොකද, වෙනත් කිසිවෙකුට පාස්වර්ඩ් එක නොමැතිව අපගේ drivers වලට පිවිසිය නොහැකි නිසා.වැඩි විස්තර ලබාගන්න මෙතන ඔබන්න.
Click here......Windows 8 නොමිලේ අත්හදා බලමුද..?

ඔන්න යාලුවනේ අලුත්ම Windows මෙහෙයුම් පද්ධතිය වන Windows 8 හි දැන් අපටත් අත්හදා බලන්න පුලුවන් වෙන විදියට Microsoft සමාගම නිකුත් කරලා.මේක නිකුත් කරේ පසුගිය පෙබරවාරි 29 වෙනිදා.මෙම සංස්කරණය හැදින්වෙන නම තමා Consumer Preview.තාක්ෂණික නාමය windows 8 build 8250.Microsoft නිල වෙබ් අඩවියෙන් මෙය නොමිලේම බාගැනීමේ හැකියාව තියෙනවා.මෙමගින් ලොව නවතම පරිගණක මෙහෙයුම් පද්ධතියක ගුණාංග අත්හදා බලන්න පුලුවන් වෙනවා විතරක් නෙවේ අනාගත පරිගණක භාවිතයේ ස්භාවයත් අවබෝධ කරගන්න පුලුවන්.
Monday, May 21, 2012
Array තුල දත්ත ගබඩා කරමු...

සමාන ඩේටා ටයිප් එකක් උපයෝගි කරගෙන variable කිහිපයක් සකසනවා වෙනුවට එක් Array එකක් සකසනාවනම් පහසුය.මෙහිදි සකසන Array එක තුල දත්ත ගබඩා කල හැකි කොටස් elements ලෙස හදුන්වයි.මෙහි elements ගණන තීරණය කරන්නේ Array එක සකසන විටයි.Array එකක් සාමාන්‍යයෙන් සකසන ආකාරය පහත පරිදිය.
Data type එක [ ] හදුන්වන නම = new Data type එක [Elements ගණන] ;
උදාහරණයක් ලෙස
int [] integers = new int [10] ;
මෙහිදි Data type එක ලෙස යොදා ගත්තේ int වේරියබල් එකයි.වේරියබල් නාමය ලෙස integers යොදාගෙන ඇත.මෙහි Elements ගණන 10ක් ලෙසද දී ඇත.