
අද ඔයාලට කියලා දෙන්නේ සී ෂාප් වැඩසටහන් වලදී ඒවා පාලනය කරන Events ගැන.අපි මෙතෙක් කථා කල වැඩසටහන් සියල්ලෙම අපි වැඩ සටහන් ලිව්වේ click Event එකේ.මීට අමතරව අපට වැඩසටහන් ලිවීමේදී මවුස් බට්න් එක අත හැරීමේදි,යමක් මතට මවුස් පොයින්ටරය ගෙන යාමේදි,මවුසය සෙලවිමේදි මෙන්ම කී බෝඩ් එක භාවිත වෙන කාර්යන් වලදි එම කාර්ය විස්තර වෙන පණිවිඩයක් මෙහෙයුම් පද්ධතියෙන් නිකුත් කෙරෙනවා.ඉතින් අපි අද බලමු මේ key board events මොනවද කියලා.සී ෂාප් වැඩසටහන් වලදී key Press, key Down, key Up ලෙස Events තුනක් භාවිතා වෙනවා.key Press Events එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කර ගෙන සිටින විටයි.key Down Events එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කල විටයි....