ඔන්න යාලුවනේ අලුත්ම Windows මෙහෙයුම් පද්ධතිය වන Windows 8 හි දැන් අපටත් අත්හදා බලන්න පුලුවන් වෙන විදියට Microsoft සමාගම නිකුත් කරලා.මේක නිකුත් කරේ පසුගිය පෙබරවාරි 29 වෙනිදා.මෙම සංස්කරණය හැදින්වෙන නම තමා Consumer Preview.තාක්ෂණික නාමය windows 8 build 8250.Microsoft නිල වෙබ් අඩවියෙන් මෙය නොමිලේම බාගැනීමේ හැකියාව තියෙනවා.මෙමගින් ලොව නවතම පරිගණක මෙහෙයුම් පද්ධතියක ගුණාංග අත්හදා බලන්න පුලුවන් වෙනවා විතරක් නෙවේ අනාගත පරිගණක භාවිතයේ ස්භාවයත් අවබෝධ කරගන්න පුලුවන්.
Wednesday, May 23, 2012
Monday, May 21, 2012
Array තුල දත්ත ගබඩා කරමු...
8:08 PM
c sharp sinhalen
සමාන ඩේටා ටයිප් එකක් උපයෝගි කරගෙන variable කිහිපයක් සකසනවා වෙනුවට එක් Array එකක් සකසනාවනම් පහසුය.මෙහිදි සකසන Array එක තුල දත්ත ගබඩා කල හැකි කොටස් elements ලෙස හදුන්වයි.මෙහි elements ගණන තීරණය කරන්නේ Array එක සකසන විටයි.Array එකක් සාමාන්‍යයෙන් සකසන ආකාරය පහත පරිදිය.
Data type එක [ ] හදුන්වන නම = new Data type එක [Elements ගණන] ;
උදාහරණයක් ලෙස
int [] integers = new int [10] ;
මෙහිදි Data type එක ලෙස යොදා ගත්තේ int වේරියබල් එකයි.වේරියබල් නාමය ලෙස integers යොදාගෙන ඇත.මෙහි Elements ගණන 10ක් ලෙසද දී ඇත.

Saturday, May 19, 2012
දින තෝරා ගත හැකි Date Time Picker භාවිතා කිරීම
2:25 AM
c sharp sinhalen
අපි කලින් පාඩමකින් වැඩසටහනකට calender එකක් එක් කර ගන්නා ආකාරය කතා කලා.අද ඔයාලට කියලා දෙන්න යන්නේ dateTime Picker කියන tool එක යොදා ගන්නා ආකාරය ගැන. dateTime Picker මගින් calender පිටුවම නොව, අදාල දිනය පමනක් ෆෝම් එක මත පෙන්විය හැකිය.
මුලින්ම Tool Box එකේ ඇති dateTime Picker මත ඩබල් ක්ලික් කර dateTime Picker එකක් ෆෝම් එක මතට ලබාගන්න.මෙය අපට සාමාන්‍ය comboBox එකක් ආකාරයට දැක ගත හැකිය.මෙම dateTime Picker හි අපි කලින් කතා කල calender control එකෙහි දැකිය නොහැකි properties දැක ගත හැකිය.ඒවා මෙසේය
Format-මෙමගින් අපට තෝරා ගැනීමට option තුනක් ලබා දේ.එනම් long,short සහ time ලෙසය.මෙම option තුනෙන් අපට අවශ්‍ය option එක තේරීම මගින් දිනය සහ
වේලාව ලබා ගත හැක.
වැඩසටහනකට කැලැන්ඩරයක් එකතු කර ගැනීම
2:21 AM
c sharp sinhalen
පරිගණක වැඩසටහන් සැකසීමේදි කැලැන්ඩර් පිටු යොදා ගැනෙන අවස්ථා බොහොමයක් තිබේ.මෙම පහසුකම c sharp වල ටුල් බොක්ස් තුලින්ම සපයයි. c sharp වල ටුල් බොක්ස් එකෙහි month calender ලෙස දැක්වෙන control එක මගින් අපට පහසුවෙන්ම කැලැන්ඩර් පිටුවක් අපගේ වැඩසටහනට ඇතුලත් කල හැකිය.ඒ සදහා අප කල යුත්තේ month calender control එක මත ඩබල් ක්ලික් කිරිම හෝ ඩ්රැග් කිරීම පමණයි.
කැලැන්ඩර් පිටුවේ වර්ණ වෙනස් කර ගැනීම සදහා අපට පහත සදහන් properties භාවිතා කල හැකිය.
- BackColor Property-කැලැන්ඩර් පිටුවේ මැද කොටසේ වර්ණය වෙනස් කර ගත හැක.
Friday, May 18, 2012
Boring Windows desktop එකට Bye!..කියමු..
9:31 PM
c sharp sinhalen
කොහොමද යාලුවනේ අද ඔයාලට ගෙනාවේ පරිගණකයේ interface එක ලස්සන කර ගන්න පුලුවන් software එකක් ගැන.
මේකේ නම තමයි CustoPack මෙහි ඇති ටුල්ස් මගින් දැනට windows වල දීලා තියෙනවට වඩා ලස්සන interface එකක් හදාගන්න පුලුවන්.මෙහි ඇති Custopack themes මාර්ගයෙන් අපට පරිගණකයේ wallpaper and colors මාරැ කරගන්න පුලුවන්.එමෙන්ම මෙහි ඇති themes මගින් login background සහ Taskbar colors පහසුවෙන්ම මාරැ කරගන්නත් පුලුවන්.මෙම මෘදුකාංගය තුල නවතම සහ ඉතාමත් ලස්සන themes මාර්ගයෙන් windows වල දැනට තියෙන boring Windows desktop! එකට bye!.. කියමු එහෙනම්.
මේ ගැන වැඩි විස්තර ගන්න පිවිසෙන්න
www.Custopack.com