Saturday, May 26, 2012

Key Board Events භාවිතා කිරීම.


අද ඔයාලට කියලා දෙන්නේ සී ෂාප් වැඩසටහන් වලදී ඒවා පාලනය කරන  Events ගැන.අපි මෙතෙක් කථා කල වැඩසටහන් සියල්ලෙම අපි වැඩ සටහන් ලිව්වේ click Event එකේ.මීට අමතරව අපට වැඩසටහන් ලිවීමේදී මවුස් බට්න් එක අත හැරීමේදි,යමක් මතට මවුස් පොයින්ටරය ගෙන යාමේදි,මවුසය සෙලවිමේදි මෙන්ම කී බෝඩ් එක භාවිත වෙන කාර්යන් වලදි එම කාර්ය විස්තර වෙන පණිවිඩයක් මෙහෙයුම් පද්ධතියෙන් නිකුත් කෙරෙනවා.ඉතින් අපි අද බලමු මේ key board events මොනවද කියලා.
සී ෂාප් වැඩසටහන් වලදී key Press, key Down, key Up ලෙස Events තුනක් භාවිතා වෙනවා.key Press Events එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කර ගෙන සිටින විටයි.key Down Events  එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කල විටයි. key Up Events එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කර නැවතත් නිදහස් කල විටයි.
මේ ආකාරයට Events තෝරා ගැනීමට සී ෂාප් වින්ඩෝවෙහි දකුණු පැත්තෙ තියෙන Properties window එකේ ඉහලින් ඇති  Events කියන බට්න් එක ක්ලික් කරන්න.මෙමගින් අපට අවශ්‍ය ඉවෙන්ට් එක තෝරා ගත හැකියි.හැබැයි මුලින්ම  Event එක ක්රියාත්මක විය යුත්තේ කුමකටදැයි මුලින්ම තෝරා ගෙන ඉන්න ඕනේ උදාහරණයක් විදියට Button එකක් හෝ  Form එකක්.
key Press Event එක භාවිතා වෙන ආකාරය පිලිබදව එක උදාහරණයක් දෙන්නම්.මුලින්ම ෆෝම් එක තෝරලා ඉන්න ඊට පස්සේ දකුණු පැත්තේ Properties window එකේ ඉහලින් ඇති  Events කියන බට්න් එක ක්ලික් කරලා  key Press ඉදිරියෙන් තියෙන හිස් කොටුවේ ඩබල් ක්ලික් කරන්න.ඊට පස්සෙ ඕපන් වෙන  window එකේ private void ..........................වලට පහලින් open සහ close සගල වරහන් මැද්දේ පහත ආකාරයට කෝඩිංග්ස් ලියන්න.

MessageBox . Show ("c sharp සිංහලෙන්") ;
දැන් Programe එක Run කරලා  යතුරැ පුවරැවේ යතුරක් තද කර ගෙන ඉන්න විට c sharp සිංහලෙන් කියලා MessageBox එකක් පෙනේවි.මේ ආකාරයටම  key Down, key Up Events සදහාත් Program එකක් ලියලා බලන්න.