Saturday, May 19, 2012

වැඩසටහනකට කැලැන්ඩරයක් එකතු කර ගැනීම


පරිගණක වැඩසටහන් සැකසීමේදි කැලැන්ඩර් පිටු යොදා ගැනෙන අවස්ථා බොහොමයක් තිබේ.මෙම පහසුකම c sharp වල ටුල් බොක්ස් තුලින්ම සපයයි. c sharp වල ටුල් බොක්ස් එකෙහි month calender ලෙස දැක්වෙන control එක මගින් අපට පහසුවෙන්ම කැලැන්ඩර් පිටුවක් අපගේ වැඩසටහනට ඇතුලත් කල හැකිය.ඒ සදහා අප කල යුත්තේ month calender control එක මත ඩබල් ක්ලික් කිරිම හෝ ඩ්රැග් කිරීම පමණයි.
කැලැන්ඩර් පිටු‍වේ වර්ණ වෙනස් කර ගැනීම සදහා අපට පහත සදහන් properties භාවිතා කල හැකිය.
  • BackColor Property-කැලැන්ඩර් පිටුවේ මැද කොටසේ වර්ණය වෙනස් කර ගත හැක. 


  • ForeColor Property-කැලැන්ඩර් පිටුවේ දින දැක්වෙන කොටසේ වර්ණය වෙනස් කර ගත හැක.
  • TitleBackColor Property-කැලැන්ඩර් පිටුවේ ඉහලින් තියෙන මාසය සහ වර්ෂය දැක්වෙන  කොටසේ වර්ණය වෙනස් කර ගත හැක.
  • TitleForeColor Property-කැලැන්ඩර් පිටුවේ ඉහලින් තියෙන මාසය සහ වර්ෂය දැක්වෙන  කොටසේ ඇති අකුරැවල වර්ණය වෙනස් කර ගත හැක.
  • TrailingForeColor Property-කැලැන්ඩර් පිටුවේ පසුගිය මාසයේ දින හෝ ඉදිරියට ඇති මාසයේ දින දැක්වෙන  කොටසේ ඇති අකුරැවල වර්ණය වෙනස් කර ගත හැක.