Saturday, May 19, 2012

දින තෝරා ගත හැකි Date Time Picker භාවිතා කිරීම


අපි කලින් පාඩමකින් වැඩසටහනකට calender එකක් එක් කර ගන්නා ආකාරය කතා කලා.අද ඔයාලට කියලා දෙන්න යන්නේ dateTime Picker කියන tool එක යොදා ගන්නා ආකාරය ගැන. dateTime Picker මගින් calender පිටුවම නොව, අදාල දිනය පමනක් ෆෝම් එක මත පෙන්විය හැකිය.
මුලින්ම Tool Box එ‍කේ ඇති dateTime Picker මත ඩබල් ක්ලික් කර dateTime Picker එකක් ෆෝම් එක මතට ලබාගන්න.මෙය අපට සාමාන්‍ය comboBox එකක් ආකාරයට දැක ගත හැකිය.මෙම dateTime Picker හි අපි කලින් කතා කල calender control එකෙහි දැකිය නොහැකි properties දැක ගත හැකිය.ඒවා මෙසේය
Format-මෙමගින් අපට තෝරා ගැනීමට option තුනක් ලබා දේ.එනම් long,short සහ time ලෙසය.මෙම option තුනෙන් අපට අවශ්‍ය  option එක  තේරීම මගින් දිනය සහ
වේලාව ලබා ගත හැක.


Value-මෙම properti එක තුල පෙන්වනනේ පරිගණකයේ සිස්ටම් ක්ලොක් එකට අනුව අද දිනය වේ.
dateTime Picker තුලින් තෝරා ගන්නා දිනයක් මාසයක් හෝ වර්ෂයක් label එකකට හෝ textBox එකකට ලබාගැනීම කල හැකිය.මේ සදහා මුලින්ම ෆෝම් එක මතට ලේබල් එකක් සහ dateTime Picker එකක් ලබාගන්න.ඉන් පසුව dateTime Picker මත ඩබල් ක්ලික් කර පහත ආකාරයට කෝඩ් කරන්න.
label1.Text = Convert.ToString (dateTimePicker1.Value.Day);
මෙහි Value එක Day,Year, හෝ Month ලෙස වෙනස් කරමින් මාසය දිනය වර්ෂය ලබා ගත හැකිය.තවත් දවසක අලුත් පාඩමකින් හමුවෙමු එහෙනම්................