Monday, May 21, 2012

Array තුල දත්ත ගබඩා කරමු...

සමාන ඩේටා ටයිප් එකක් උපයෝගි කරගෙන variable කිහිපයක් සකසනවා වෙනුවට එක්  Array එකක් සකසනාවනම් පහසුය.මෙහිදි සකසන Array එක තුල දත්ත ගබඩා කල හැකි කොටස් elements ලෙස හදුන්වයි.මෙහි elements ගණන තීරණය කරන්නේ Array එක සකසන විටයි.Array එකක් සාමාන්‍යයෙන් සකසන ආකාරය පහත පරිදිය.
Data type එක [ ] හදුන්වන නම = new Data type එක [Elements ගණන] ;
උදාහරණයක් ලෙස
int [] integers = new int [10] ;
මෙහිදි Data type එක ලෙස යොදා ගත්තේ int වේරියබල් එකයි.වේරියබල් නාමය ලෙස  integers යොදාගෙන ඇත.මෙහි Elements ගණන 10ක් ලෙසද දී ඇත.


Array පිලිබද මුලික තොරතුරැ අවබෝධ කර ගැනීම සදහා පහත උචදාහරණය යොදා ගනිමු.මේ සදහා මුලින්ම comboBox එකක් සහ  Button එකක් ෆෝම් එක තුලට ඇතුලත් කර ගන්න.ඉන් පසු Button එක සදහා පහත ආකාරයට කෝඩිංග්ස් ලියන්න.
string [] name = new string [5];
   name[0]= "sanath";
   name[1]= "dilanka";
   name[2]= "saman";
   name[3]= "jayantha";
comboBox1.Items.Add(name[0]);
comboBox1.Items.Add(name[1]);
comboBox1.Items.Add(name[2]);
comboBox1.Items.Add(name[3]);
මේ ආකාරයට වේරියබල් එක සහ අපට අවශ්‍ය පරිදි  Elements ගණනක් ඇතුලත් කරමින් වැඩසටහන් සකසා ගත හැකිය.ඔයාලත් try කරලා බලන්න.ආයෙමත් දවසක හමුවෙමු.