Thursday, May 3, 2012

ලැප් ඒකක් ගන්න යන අයට.....

අද ඔයාලට  ඔයාලට කියන්න හදන්නේ LAP එකක් ගන්න එරහ කරන අයට ගොඩක් වටින දේවල් ටිකක් ගැන.ඒත් ඉතින් දැනටමත් LAP  එකක් අරගෙන තියෙන අයට වැදගත් නෑ කියනවා නෙවේ.ඔයාලම කියවලා බලන්නකෝ හොදද කියලා....
හරි....දැන් සමහර කට්ටිය නම් තමන් ගන්න ලැප් එකේ   Specilification බලනවා. සමහර කට්ටිය විතරක් නෙමේ.....හැම කට්ටියම බලන්නේ ඒක තමා. ඒ කියන්නේ ඔය Processor, RAM, HDD, VGA, Sound, Battery Life, Screen Size වගේ ඒවා තමා මුලටම එන්නේ.
අපි බලමු මුලින්ම Processor ඒක කොහොම වෙන්න ඕනද කියල ?
මේක තමා මුලටම එන්නේ. මේකෙන් තමා ගොඩක් වෙලාවට ලැප් වල ගණන් එහෙම වෙනස් වෙන්නේ. Intel Pentium 3, Intel Pentium 4, Intel Atom, Intel Dual Core, Intel Core 2 Duo, Intel

Core 2 Quad,           Intel                                                      Core i3, Intel Core i5, Intel Core i7
 
  සහ අලුතින්ම Intel Core i මාදිලි වල 2nd Genaration කියන Processor අඩංගු Processor කඩේ ගන්න තියෙන්නවා. මේ මම දල තියෙන්නේ මේවල වේගය වැඩි වෙන විදියට...අඩුම Intel Pentium 3 සහ දැනට වැඩිම වේගය තියෙන Intel Core i7 Second Genaration Processor කියන විදියට. මේකෙන් ඕනෑම එකක් ඔයාලට ඔයාට වියදම් කරන්න පුළුවන් ගාන අනුව රදා පවතිනවා. මෙතනින් අඩුම ගාන තියෙන්නේ Intel pentium 3 එකට. වැඩිම ගාන තියෙන්නේ Intel Core i7 එකට. ඒ වගේ තමා මේවල Speed වල පැහැදිලි වෙනසක් තියෙන්නවා. මේකෙන් හොඳම ඒක තමා Intel Core i7 2nd Generation Processor ඒක..



      සාමාන්‍යයෙන් ඔය MS Office Package ඒක වගේ පාවිච්චි කරන කෙනෙකුට ඉතින් ඔය Core i7 එකක් ගත්ත කියල තේරුමක් නැහැ. මොකද MS Office කරන කෙනෙකුට අඩුම Dual Core එකක් හොඳම ප්‍රමාණවත්. අනික ගන්න මිලත් අඩුයි සල්ලිත් ඉතුරුයි.
තව විශේෂ දෙයක්  තියෙනව මේ processor වල. එකට තමා Cache Memory කියල කියන්නේ. තව L1, L2, L3 කියල කියන්නෙත් ඔකටම තමා. මේකත් ගොඩක් වැදගත් ඔය ලැප් එකේ Speed ඒක ගැන වද වෙනවනම්. මේක තියෙන්නේ අදාල processor ඒක ඇතුලේ. මේකෙන් සැලකියයුතු වෙනසක් ලැප් එකට වෙනවා. Cache Memory එක වැඩි එක ටිකක් වේගවත් ඒ නිසා processor එක ටිකක් අඩු උනත් Cache Memory එක වැඩි එක තමා හොද.
 

හරි දැන් Processor එක ගැන ටිකක් දැන ගත්තනේ අපි දැන් බලමු Processor  / CPU ඒක මොන වගේ වෙන්න ඕනද කියලා ගන්න ලැප් එකේ
ඔයාල හිතයි දැන් අපි උඩ මේක ගැන කතා කල නේද කියල . නැහැ මෙතන කියන්න ඊට වඩා වෙනස් දෙයක් ගැනයි. මේක ඔයාලට වියදම් කරන්න පුළුවන් මිල අනුව වෙනස් වෙනවා කියල මම උඩ කිව්වනේ. ඒ නිසා ඔයාලට ඒ ගැන හිතල එකක් ගන්න අවස්ථාව තියෙනව. සාමාන්‍ය වැඩ වලට Core 2 Duo එකෙයි, Core i7 එකෙයි වෙනසක් තේරෙන්නේ නැති තරම්. එත් ඔය ගේම් ගහන වගේ වැඩ වලට එහෙම කැමති නම්, ලැප් එකක් ගන්නේ Games Play කරන්නත් එක්ක නම් Core i3 හෝ ඊට ඉහල මාදිලියක් ගන්න. ඒක තමාහොඳ.කොහොම උනත් අතේ තියෙන ගානට හොදම එකක් ගන්න හිතනවට වඩා අපි මේක ගන්නේ මොන වගේ වැඩ වලටද කියලා ටිකක් හොයලා බලලා ගන්න එක තමා හොද.නැත්නම් බොරැවට 60000,70000ක් වියදම් කරලා ලැප් එකක් අර ගන්නේ කැම්පස් එකේ Assignment ටික කරන්නනම් එකෙන් වැඩක් නෑ යාලුවනේ... රැල යන අතට ගියොත් අපටත් වෙන්නෙ වෙරල ගාවටම ඇවිත් ආපහු යන්න තමා...

දැන් අපි බලමු Display / Screen ඒක මොන වගේ වෙන්න ඕනෙද කියලා..... ?

මෙයත් ඔයාලගේ අවශ්‍ය වැඩේ අනුව රදා පවතිනවා. මොකද ඔය හැම තැනම යන ලැප් එකත් ඒ තැන වලට රැගෙන යනවා නම් Screen Size පොඩි එකකට යනවනම් වඩාත් පහසුය. 14.1 Wide Screen වගේ ඉදන් 20` Size වෙනකම් සාමාන්‍ය ලැප් වල Screen Size ඒක තොර ගන්න පුළුවන්. ඔබ AutoCAD වැනි CAD වැනි මෘදුකාංග භාවිත කරනවා නම් ලොකු Screen Size එකකට යෑම ඉතාමත් පහසුය. තවද Films බැලීමට පුරුදු වී සිටින්නේ නම් ලොකු Screen Size එකක් භාවිත කිරීම නුවනට සුදුසුය. අපි හිතමු ! ෆිල්ම්ස් බලන්නත් ඕන එත් හැම තැනම අරගෙන යන්නත් ඕන. එහෙම නම් සාමාන්‍ය මට්ටමේ Screen Size එකක් ගන්න. ඒ කියන්නේ 15.4 / 15. 6 වගේ. එහෙම බැරි නම් ඔබට අඩු Screen Size එකක් තෝරාගෙන වෙනම පිටින් සවි කල හැකි Monitor එකක් ගැනීම කල හැකිය. එවිට එම Monitor ඒක ඔබට ලැප්ටොප් පරිගණකයේ VGA Port එකට සම්බන්ද කල හැකිය. 


වර්තමානයේ ලැප්ටොප් වල භාවිත වන්නේ LED Screen එකක් වන අතර LCD Screen සමග සසද්දි එය බොහෝ සෙයින් හැම අතින්ම ඉදිරියෙන් සිටි. එම නිසා LED Screen එකකට යෑම වඩාත්ම සුදුසුය. ගුණාත්මක භව, battery සුරැකීම ඇති එය ඉදිරියෙන් සිටි. LCD තිර හා සසදද්දී LED තිර වල Brightness ඉතාමත් හොඳ තත්වයක පවතී.එම නිසා හැකි තරම් LED Screen එකක් ගැනීම නුවනට හුරුය.
Sound කොහොමද ? On-board ? Separate ?

දැන් ගොඩක් ලැප් වල එන්නේ Onboard Sound Card එකක්. ඒ කියන්නේ Realtek, IDT, VIA වගේ ඒවා තමා එන්නේ. ගොඩක් වෙලාවට 7.1 Sound Card එකක් එන්නේ කාලතුරකින්. ගොඩක් වෙලාවට 2.1 හා 4.1 වගේ තමා එන්නේ. ඉතින් දැන් ඔය Sound එහෙම හොයන අය ඉන්නවා නම් ඒ ගොල්ලන්ට වෙනම Separate Sound Card එකක් ගහ ගන්න පුළුවන්. සමන්නයෙන් ලංකාවේ නම් ඉතින් අඩුයි කොහොමත් ලැප් එකට ගොඩක් sound ඔනේ නෑ නේද මන්දා මටනම් ඔනේ නෑ ඒත් ඔයාලට කොහොමද දන් නෑනෙ...

Hard Disk එක කොහොමද ?


ගොඩක් වැදගත් එකක් තමා මේ Hard Disk ඒක. එකේ Size ඒක වැඩි වෙන තරමට හොඳ......මොකද ඕන කුණු ගොඩක් දාන්න පුළුවන් නේ දැන් නම් ගොඩක් ලැප් වල 320 GB, 500 GB, 750 GB, 1000 GB වගේ එනවා. මේවල වැඩි එකක් තොර ගන්න තරමට දාන්න පුළුවන් Data ප්‍රමාණය වැඩි. මේවල 5400 RPM [ Round per Minute ] , 7200 RPM කියල එකක් තියෙනව. RPM ඒක කියන්නේ Hard Disk එකේ තියෙන තැටි විනාඩියකට කැරකෙවෙන ගාන. මේ කැරකෙවෙන ගාන වැඩි වෙන තරමට වේගය වැඩි. නමුත් Battery වල බලය සුරැකීම සඳහා ගොඩක් ලැප් වල 5400 RPM එකක් තමා එන්නේ. එහෙම කියල ලොකු අවුලක් නැහැ.



RAM මොන වගේද ?


මේකත් ගොඩක් වැදගත් යාලුවනේ.මේක නම් වැඩි වෙන තරමට හොඳා.සාමාන්නයෙන් ලැප් එකක    
2 GB, 4 GB වගේ RAM එකක් තියෙන්නේ. කැමති නම් ඔයාට 8 GB හෝ 16 GB දක්වා මෙය වැඩි කරගන්න පුළුවන්. ඒ ප්‍රමාණය ඔයාගේ ලැප් ඒක අනුව වෙනස් වෙනවා. වර්තමානයේ ලැප් වල DDR 3 වර්ගයේ Memory Module භාවිත වේ.

Battery ගැන කොහොමද ? 


මේක තමා ලැප් එකක වැදගත්ම ඒක. Battery. මේක ආරක්ෂා කරගන්න ඒක තමා අපිට ඕනෑම ඒක. ඒක ඒක ලැප් වල මේවට ඒක ඒක තාක්ෂණ භාවිත කරනවා නිර්මාණය කරන්න. ඒ කියන්නේ Ni-MH හා Li-on වගේ විදියට. මේවල Battery Hours Li-oN වල වැඩි. සමන්නයෙන් 6 Cell / 8 Cell / 12 Cell විදියට මේවල ධාරිතා ප්‍රමාණයන්ගෙන් මේවා ගන්න පුළුවන්. ඔය ලැප් එකක් ගන්න කොට නම් එන්නේ සමන්නයෙන් 6 Cell එකක්. නමුත් අවශ්‍ය නම් අදාල ආයතනයට කියල 12 Cell එකක් ගන්න පුළුවන්. 6 Cell Battery එකකින් 4 Hours විතර LED Screen එකක් තියෙන ලැප් එකකින් භාවිත කරන්න පුළුවන්. 12 Cell නම් 8 Hours විතර පුළුවන්. දැනට වැඩිම battery ප්‍රමාණයක් තියෙන්නේ Apple ලැප් වල. එහි 10 Hours පමණ 8 Cell එකකින් භාවිත කරන්නට පුළුවන්.

දැන් අපි බලමු කොහෙන්ද හොඳ ලැප් එකක් ගන්න පුළුවන් කියල ?


ලැප්ටොප් නිෂ්පාදනය කරන විශාල ආයතන ප්‍රමාණයක් ලෝකයේ ඇත. එම ලැප්ටොප් විකිණීම සිදු කිරීමට අදාල රටකට යම්කිසි බලයලත් අලෙවි නියෝජිතයෙක් අදාල ආයතනය විසින් පත් කර ඇත. එම අදාල ආයතනය එම වර්ගයේ ලැප්ටොප් පරිගණක වල සියලුම සේවා හෝ යම්තාක් දුරට සේවා සැපයීමට බැදී සිටි. ඔබ ලැප්ටොප් පරිගණකයක් ගන්නවානම් අදාල පරිගණකයට අදාල බලයලත් අලෙවි නියෝජිතයන් ගෙන් මිලදී ගන්නවනම් ඉතින් කිසිම අවුලක් නෑ.
මේ තියෙන්නේ ලංකාවේ දැනට භාවිතා වන ලැප්ටොප් විකිනීමට බලයලත් නියෝජිත ආයතන ටික(Authorized Dealers)

  1. ACCER       නම්   METROPOLITAN
  2. DELL           නම්  SOFT LOGIC
  3. TOSHIBA    නම්  JOHN KEELS GROUP
  4. HP                නම්  DMS
  5. ASUS           නම්  ASPI


ඊලගට ඔයාලට ගැටලුවක් ඇති නේද මොනවද හොද brand කියලා Acer, Apple, Asus, Dell, Lenovo,compaq වගේ Brand නම් ආබාධයක් නැත. නමුත් HP වැනි Brand ඒ‍කේ‍ පොඩි පොඩි battery අවුල් එනවලු මන්දා මමනම් දන් නෑ මගෙ එක ගත් තැනින් තමා කීවෙ එයාලට HP Pavilion Series වලින් බොහෝ සෙයින් බැටරි අවුල් ආව කියලා claim වලට...
කොහොම හරි කමක් නෑ ලැප් එකක් ගද්දි ටිකක් හොයලා බලලා දන්න කෙනෙක් එක්ක ගියොත් කිසි ආබාධයක් නෑ....