Thursday, May 3, 2012

USB 3.0 ගැන..

යුඑස් බී 3.0 පෝට් ඇති උපාංග වෙළෙදපලට ඉදිරිපත් උනේ මෙම වසරේදීය.ලෝකයේ බොහෝ සමාගම් usb 3.0 වලට සරිලන පරිදි පරිගණක සහ telephone නිපදවා ඇත.මෙම usb 3.0 පෝට් සහිත උපකරන වල මුලින්ම වැඩ පෙන්නුවේ 2007 සැප්තැම්බර් 18 වැනිදා intel forum සමුලුවේදිය.එහෙත් usb 3.0 පෝට් වලට ගැලපෙන ආකාරයට  පරිගණක දෘඩාංග තැනීමට සෑහෙන තරමි කාලයක් උවමනා විය.දැන් AMD CHIP බොහොමයක් එන්නේ usb 3.0 වලට ගැලපෙන ආකාරයටයි.එසේම දැනට තිබෙන නෙයෙක් මොබයිල් ෆෝන් අතරින් කෝටි 1200 කම මෙම usb 3.0 පෝට් ඇත.

අලුත් පෝට් එකට usb 3.0 කියා කියන්නේ දැනට භාවිතා වන්නේ usb 2.0 නිසාය.ඊට කලින් තිබුණේ usb 1.0 ය.1996 ජනවාරි මාසයේ usb 1.0 පෝට් එක ඉදිරිපත් කලේ යුඑස්බි ස්ටෑන්ඩි එක ඉදිරිපත් කල usb-if ;universal serial bus implementers forum විසින්ය.මෙසේ ඉදිරිපත් කරපු  usb 1.0 වල දත්ත හුවමාරැ වුයේ තත්පරයට මෙගා බිට් 12ක වේගයකින්ය.(12mbps) එනම් මෙගා බයිට් 1.5කි.(1.5MBps)මෙතන ඔයාලට ගැටළුවක් ඇති නේද කලබල වෙන්න එපා ඒකත් කියක්කම්.මෙහෙමයි computer එකේ ගබඩා කරලා තියෙන data මනින්නේ මෙගා බයිට්(MB) වලින් හුවමාරැ වෙන data මනින්නේ මෙගා බිට් වලින් (mb) දැන් ගැටළුව හරිනේ.

usb 1.0 පෝට් එකේ වේගය වැඩි කරලා usb 2.0 නිර්මාණය කරා.2000 අපේල් මාසයේ තමා මේක ඉදිරිපත් කරේ.මෙහි දත්ත හුවමාරැ වේගය තත්පරයට මෙගා බිට් 480ක වේගයකින්ය.(480mbps) එනම් මෙගා බයිට් 60කි.(60MBps) එනම් කලින් එකට වඩා 40 ගුණයකින් වැඩිය. අලුත්ම usb 3.0 එකේ දත්ත හුවමාරැ වේගය තත්පරයට ගිගා බයිට් 4.8කි.(4.8Gbps) එනම් usb 2.0 මෙන් දස ගුණයක වේගයකි.ඒ අනුව usb 2.0 හරහා විනාඩි ගනගනක් තිස්සේ ඩවුන්ලෝඩ් වු දේවල් usb 3.0 හරහා තත්පර කීපයකින් ඩවුන්ලෝඩි කර ගත හැක.....