Thursday, May 31, 2012

නීරෝ[Nero] වලින් burning කිරීම එපා වෙලාද?

කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනා.අද ඔයාලට අරගෙන ආවේ අලුත් සොෆ්ට්වෙයා එකක් ගැන.අපි හැමෝම වගේ CD/DVD රයිටින් කරන්න ගොඩක්ම භාවිතා කරන්නේ නීරෝ කියන සොෆ්ට්වෙයා එක.ඒත් නීරෝ දාගත්තම තියෙන ලෙඩේ තමා මේක ගොඩක් වෙලාවක් ගන්නවා Load වෙන්න ඒ වගේම තමා මේකෙන් රයිටින් කරන්න ගත්තම අපට වෙන වැඩක් කරගන්න අමාරැයි.මේ ලෙඩේ ගොඩක්ම බලපාන්නෙ රැම් එක ටිකක් අඩුවෙන් තියෙන පරිගණක වලට.
දැන් අවුලක් නෑ Ashampoo කියන සමාගමෙන් නීරෝ වෙනුවට භාවිතා කරන්න පුලුවන් අංග සම්පූර්ණ සොෆ්ට්වෙයා එකක් හදුන්වලා දීලා තියෙනවා.මෙහි අලුත්ම සංස්කරණය තමා Ashampoo-Burning Studio-11 කියන්නෙ.

Monday, May 28, 2012

ඔබත් වැඩි වෙලාවක් පරිගණකය ඉදිරියේද...??

කොහොමද යාලුවනේ අදනම් අරගෙන ආවෙ අපි හැමෝටම වටින දෙයක් ගැන.මොකද අපි හැමෝම ගොඩක්වෙලා පරිගණකය ඉදිරියේ වාඩි වෙලා ඉද්දි අපි නොදැනුවත්වම අපේ ඇස් වියලෙන රෝගයට ගොදුරු වෙනවා.ඩොක්ටර්ස්ලනම් කියන්නේ Dry Eyes කියලා. Dry Eyes කියන්නෙ අපේ ඇස්වල තියෙන කදුලු ඇස්වලම මිදිලා එය ස්තරයක් වගේ පවතින තත්වයට.මෙම ස්තරය නිසා අපට පෙනෙන්නෙ සුදු අවකාශයක් විදියට.සමහර විට මෙම රෝගය ඔයාලටත් ඇති මොකද මගෙත්ඇස් වලට බෙහෙත් ගන්න ගියාම කිව්වෙ කදුලු මිදිලා ඇස් වලම බැදිලා කියලා.ඒ නිසා අපි පරිගණකය භාවිතා කරන සැම විනාඩි 20කට විනාඩි 10ක්වත්.ඇස් වලට විවේකය ලබාදිය යුතුයි.නැත්නම් අඩුම තරමෙ ඇස් පිල්ලම් නිතරම ගැසිය යුතුයිලු මම නෙමෙ ඩොක්ටර්ස්ල තමා කියන්නේ.ඔයාලත් වැඩි විස්තර හොයලා බලන්නකො ඇත්තද බොරුද  කියලා....

CCleaner 3.19.1721......

කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් Software කෑල්ලක් ගැන විස්තර හොයාගත්තෙ.හැබැයි ෙම්ක භාවිතා කරන්නනම් වෙන්නේ වින්ඩෝස් භාවිතා කරන අයට විතරයි.CCleaner මගින් අපට පුලුවන් අපේ කොම්පියුටර් එකේ තියෙන ලට්ට ලොට්ට ඉක්මනින් අයින් කරගන්න.අපි පරිගණකය නිතර නිතර භාවිතා කරද්දි අපි නොදැනුවත්වම හැදෙන ටෙම්පරි files නිසා රෙජිස්ටරියට ඩම්ප් files එකතු වෙනවා.ඒනිසා රෙජිස්ටරිය ක්ලින් අප් කරගන්න නියම බඩුවක් තමා CCleaner කියන්නේ.ඔයාලත්අරන් බලන්න පහලින් ලින්ක් එක දාන්නම්.
මෙතනින් ගන්න

SWITCH STATEMENT භාවිතා කරන හැටි...


අප විසින් දෙනු ලබන කෝන්දේසි දිගින් දිගටම පරික්ෂා කර බලා ඒවායේ සත්‍ය අසත්‍ය භාවය පදනම් කරගෙන වැඩසටහන ක්රියාත්මක කිරීම If,Else,Else If  භාවිතා කරලා කරන්න පුලුවන්.ඒත් කෝඩ්ංග්ස් ගොඩක් දිගට ලියන්න වෙනවා. ඒ නිසා තමයි අපි Switch Statement එක භාවිතා කරන්නෙ.මෙහිදි අපට තියෙන වාසිය වැඩසටහන ක්රියාත්මක වීමට ගත වන කාලය අඩු වීම.දැන් අපි බලමු කොහොමද  Switch Statement එකක් ලියන්නෙ කොහොමද කියලා.

switch
{
case"අගයක්";

Sunday, May 27, 2012

KMPlayer 3.2.0.19

KMP ප්ලයෙර් නවතම වෙළුම  නිකුත් වේ. මෙහි ඇති විශේෂත්ය වන්නේ සියලුම වර්ගයේ format වලින් ඇති videos අවරණය වන පරිදි සකසා තිබීමය.එනම් VCD, DVD, AVI, MKV, Ogg Theora, OGM, 3GP, MPEG-1/2/4, WMV, RealMedia, and QuickTime  යනාදී සියලුම වර්ගයේ format ආවරණය වේ.
2008 දෙසැම්බර් මාසයේ kmp player ය පැන්ඩෝරා සමගම විසින් මිලදී ගැනීමත් සමග මෙය freeware වර්ගයේ software එකක් ලෙස නම් කෙරුණි.නිකන් දෙනවනම් දෙමල පත්තරෙත් වටිනවනේ නේද?මොනවා උනත් KMP ප්ලයෙර් එකනම් වටිනවා.ඔයාලත් අරන් බලන්න පහලින් ලින්ක් එක දාන්නම්.......
මෙතනින් ගන්න

මොනවද මේ ASCII code...?????

ASCII Code යොදාගෙන වැඩසටහන් සකස් කරන හැටි කියලා දුන්නට Key Board එකේ ඔක්කොම යතුරැ වලට ASCII Code දුන්නෙ නෑනෙ නේදKey Board එකේ ඔක්කොම යතුරැ වලට අදාල ASCII Code ටිකASCII Code යොදාගෙනart හොදට පුලුවන් අයට පුලුවන් ඉතින් අපට බැරි උනාටASCII Code ටික...වැඩි කතා ඕනේ නෑ පහල ඇති ..හිතන්න පුලුවන්ද පෝස්ට් එකට දාලා තියෙන පිංතූරේ ඇදලා තියෙන්නේ කොහොමද කියලා ඒක කරලා තියෙන්නේ ?බයවෙන්න දෙයක් නෑ අද ගෙනාවේ





     ASCII CODE එක     යතුර

     0                          NUL  යතුර
     9                          TAB යතුර
    16                         DLE යතුර
    27                         ESC යතුර
    32                         space යතුර
    33                         !  යතුර 

    34                         "  යතුර

    35                         #  යතුර

    36                         $  යතුර

    37                         %  යතුර

    38                         &  යතුර

    39                         '  යතුර

    40                         (  යතුර 

    41                         )  යතුර

    42                         *  යතුර

    43                         +  යතුර

    44                         ,  යතුර

    45                         -  යතුර

    46                         .  යතුර

    47                         /  යතුර

    65 සිට 90 දක්වා    capital අකුරු
    97 සිට 122 දක්වා  simple අකුරු
   123                        { යතුර 
   124                         | යතුර 
   125                         } යතුර 
   126                         ~ යතුර 
   127                         යතුර



 



 

Saturday, May 26, 2012

ASCII Code යොදා වැඩසටහන් සැකසීම...

යතුරැ පුවරැවේ ඇති සෑම යතුරක්ම ASCII(American Standard Code for Information Interchange)ලෙස හදුන්වන අංක මගින් හදුනා ගත හැකියි.අප භාවිතා කරන යතුරැ පුවරැවේ සෑම යතුරක් සදහාම බයිට් එකක ඉඩක් ලැබෙන ආකාරයටයි හදලා තියෙන්නෙ.බයිට් එකක් සදහා අයත් වන්නේ 0 සිට 255 දක්වා වු දහයේ සංඛ්‍යා විතරයි.ඒ නිසා යතුරැ පුවරැවේ සෑම යතුරක්ම 0 සිට 255 දක්වා  වු දහයේ සංඛ්‍යාවක් නියෝජනය කරයි.උදාහරණයක් විදියට කැපිටල් A අකුර සදහා ASCII කෝඩ් එක වෙන්නේ අංක 65ය. ඉන් ඉදිරියට පිලිවෙලින් ඉතිරි කැපිටල් අකුරැ නියෝජනය කරයි.

Key Board Events භාවිතා කිරීම.


අද ඔයාලට කියලා දෙන්නේ සී ෂාප් වැඩසටහන් වලදී ඒවා පාලනය කරන  Events ගැන.අපි මෙතෙක් කථා කල වැඩසටහන් සියල්ලෙම අපි වැඩ සටහන් ලිව්වේ click Event එකේ.මීට අමතරව අපට වැඩසටහන් ලිවීමේදී මවුස් බට්න් එක අත හැරීමේදි,යමක් මතට මවුස් පොයින්ටරය ගෙන යාමේදි,මවුසය සෙලවිමේදි මෙන්ම කී බෝඩ් එක භාවිත වෙන කාර්යන් වලදි එම කාර්ය විස්තර වෙන පණිවිඩයක් මෙහෙයුම් පද්ධතියෙන් නිකුත් කෙරෙනවා.ඉතින් අපි අද බලමු මේ key board events මොනවද කියලා.
සී ෂාප් වැඩසටහන් වලදී key Press, key Down, key Up ලෙස Events තුනක් භාවිතා වෙනවා.key Press Events එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කර ගෙන සිටින විටයි.key Down Events  එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කල විටයි. key Up Events එක ක්රියාත්මත වන්නේ යතුරැ පුවරැවේ යතුරක් තද කර නැවතත් නිදහස් කල විටයි.

Wednesday, May 23, 2012

ජංගම දත්ත සදහා Password Protection..


අප සියලු දෙනාටම පවතින ගැටලුවක් තමා අපගේ පෙන් ඩ්ර්යිව් එක ඒ වගේම මොබයිල් phone එකේ මෙමරි  sticks,මෙමරි cards අන් අයගේ භාවිතයෙන් වලක්වා ගන්න එක.දැන් බයවෙන්න දෙයක් නෑ.ඔන්න ඒකටත් අලුත් software කෑල්ලක් ඇවිල්ලා.මේක හදුන්වලා තියෙන්නේ USB Secure® 1.6.6  කියලා.මෙම software එක PC independent software එකක් ඒ නිසා ඉන්ස්ටෝල් කිරිම සහ administrator rights ලබාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ.USB Secure අපගේ පෙන් ඩ්ර්යිව් එකට එහෙම නැත්නම් මෙමරි Cards එකට ඇතුලත් කිරීම පමණයි අවශ්‍ය.අපේ drive එක කොම්පියුටර් එකට ප්ලග් ඉන් කරපු වහාම මෙය ක්රියාත්මක වෙනවා.අපට drive එකට පාස්වර්ඩ් එකක් දා ගන්න ඕනේ නම් පාස්වර්ඩ් එක සෙට් කරලා කන්ෆර්ම් කරන්න විතරයි තියෙන්නෙ.මේ නිසා අපට අපගේ data නැති වීමෙන් සහ data සොරා ගැනීමෙන් ආරක්ෂා කරගන්න පුලුවන් මොකද, වෙනත් කිසිවෙකුට පාස්වර්ඩ් එක නොමැතිව අපගේ drivers වලට පිවිසිය නොහැකි නිසා.වැඩි විස්තර ලබාගන්න මෙතන ඔබන්න.
Click here......

Windows 8 නොමිලේ අත්හදා බලමුද..?

ඔන්න යාලුවනේ අලුත්ම Windows මෙහෙයුම් පද්ධතිය වන Windows 8 හි දැන් අපටත් අත්හදා බලන්න පුලුවන් වෙන විදියට Microsoft සමාගම නිකුත් කරලා.මේක නිකුත් කරේ පසුගිය පෙබරවාරි 29 වෙනිදා.මෙම සංස්කරණය හැදින්වෙන නම තමා Consumer Preview.තාක්ෂණික නාමය windows 8 build 8250.Microsoft නිල වෙබ් අඩවියෙන් මෙය නොමිලේම බාගැනීමේ හැකියාව තියෙනවා.මෙමගින් ලොව නවතම පරිගණක මෙහෙයුම් පද්ධතියක ගුණාංග අත්හදා බලන්න පුලුවන් වෙනවා විතරක් නෙවේ අනාගත පරිගණක භාවිතයේ ස්භාවයත් අවබෝධ කරගන්න පුලුවන්.

Monday, May 21, 2012

Array තුල දත්ත ගබඩා කරමු...

සමාන ඩේටා ටයිප් එකක් උපයෝගි කරගෙන variable කිහිපයක් සකසනවා වෙනුවට එක්  Array එකක් සකසනාවනම් පහසුය.මෙහිදි සකසන Array එක තුල දත්ත ගබඩා කල හැකි කොටස් elements ලෙස හදුන්වයි.මෙහි elements ගණන තීරණය කරන්නේ Array එක සකසන විටයි.Array එකක් සාමාන්‍යයෙන් සකසන ආකාරය පහත පරිදිය.
Data type එක [ ] හදුන්වන නම = new Data type එක [Elements ගණන] ;
උදාහරණයක් ලෙස
int [] integers = new int [10] ;
මෙහිදි Data type එක ලෙස යොදා ගත්තේ int වේරියබල් එකයි.වේරියබල් නාමය ලෙස  integers යොදාගෙන ඇත.මෙහි Elements ගණන 10ක් ලෙසද දී ඇත.

Saturday, May 19, 2012

දින තෝරා ගත හැකි Date Time Picker භාවිතා කිරීම


අපි කලින් පාඩමකින් වැඩසටහනකට calender එකක් එක් කර ගන්නා ආකාරය කතා කලා.අද ඔයාලට කියලා දෙන්න යන්නේ dateTime Picker කියන tool එක යොදා ගන්නා ආකාරය ගැන. dateTime Picker මගින් calender පිටුවම නොව, අදාල දිනය පමනක් ෆෝම් එක මත පෙන්විය හැකිය.
මුලින්ම Tool Box එ‍කේ ඇති dateTime Picker මත ඩබල් ක්ලික් කර dateTime Picker එකක් ෆෝම් එක මතට ලබාගන්න.මෙය අපට සාමාන්‍ය comboBox එකක් ආකාරයට දැක ගත හැකිය.මෙම dateTime Picker හි අපි කලින් කතා කල calender control එකෙහි දැකිය නොහැකි properties දැක ගත හැකිය.ඒවා මෙසේය
Format-මෙමගින් අපට තෝරා ගැනීමට option තුනක් ලබා දේ.එනම් long,short සහ time ලෙසය.මෙම option තුනෙන් අපට අවශ්‍ය  option එක  තේරීම මගින් දිනය සහ
වේලාව ලබා ගත හැක.

වැඩසටහනකට කැලැන්ඩරයක් එකතු කර ගැනීම


පරිගණක වැඩසටහන් සැකසීමේදි කැලැන්ඩර් පිටු යොදා ගැනෙන අවස්ථා බොහොමයක් තිබේ.මෙම පහසුකම c sharp වල ටුල් බොක්ස් තුලින්ම සපයයි. c sharp වල ටුල් බොක්ස් එකෙහි month calender ලෙස දැක්වෙන control එක මගින් අපට පහසුවෙන්ම කැලැන්ඩර් පිටුවක් අපගේ වැඩසටහනට ඇතුලත් කල හැකිය.ඒ සදහා අප කල යුත්තේ month calender control එක මත ඩබල් ක්ලික් කිරිම හෝ ඩ්රැග් කිරීම පමණයි.
කැලැන්ඩර් පිටු‍වේ වර්ණ වෙනස් කර ගැනීම සදහා අපට පහත සදහන් properties භාවිතා කල හැකිය.
  • BackColor Property-කැලැන්ඩර් පිටුවේ මැද කොටසේ වර්ණය වෙනස් කර ගත හැක. 

Friday, May 18, 2012

Boring Windows desktop එකට Bye!..කියමු..

කොහොමද යාලුවනේ අද ඔයාලට ගෙනාවේ පරිගණකයේ interface එක ලස්සන කර ගන්න පුලුවන් software එකක් ගැන.

මේකේ නම තමයි CustoPack මෙහි ඇති ටුල්ස් මගින් දැනට windows වල දීලා තියෙනවට වඩා ලස්සන interface එකක් හදාගන්න පුලුවන්.මෙහි ඇති Custopack themes මාර්ගයෙන් අපට  පරිගණකයේ wallpaper and colors මාරැ කරගන්න පුලුවන්.එමෙන්ම මෙහි ඇති themes මගින් login background සහ Taskbar colors පහසුවෙන්ම මාරැ කරගන්නත් පුලුවන්.මෙම මෘදුකාංගය තුල නවතම සහ ඉතාමත් ලස්සන themes මාර්ගයෙන් windows වල දැනට තියෙන boring Windows desktop! එකට bye!.. කියමු එහෙනම්.
මේ ගැන වැඩි විස්තර ගන්න පිවිසෙන්න
www.Custopack.com

Do whie loop සමග Combo Box භාවිතා කිරීම.


සාමාන්‍ය කොමිබො බොක්ස් එකක ස්භාවය වන්නේ drop down මෙනු එකක් මගින් දත්ත තෝරා ගැනීමට අවස්ථාව ලබාදීමත් එහි ඇති text බොක්ස් එක තුල අලුතින් දත්ත ඇතුලත් කිරීමට අවස්ථාව ලබාදීමත්ය.MS Word වැඩසටහනේ Font size drop down මෙනුවද සංඛ්‍යා ඇතුලත් drop down  මෙනු එකකි.මෙසේ drop down මෙනු එකක් සකසා ගැනීම සදහා ෆෝම්එක තුලට button එකක් සහ combo box එකක් ලබාගන්න.දැන් බට්න් එක සදහා පහත ආකාරයට codings ලියන්න.
int a = 1;
do 

Loop එකක් තුල තවත් එකක් Loop ක්රියාත්මක කිරීම


වැඩසටහන් සැකසීමේදි Loop එකක් තුල තවත් එකක් Loop ක්රියාත්මක කරවීම තේරැම් කර ගැනීමට අපි පහත වැඩසටහන යොදා ගනිමු.ඒ සදහා ෆෝම් එකට කොම්බො බොක්ස් 2ක්සහ බට්න් අතුලු කර ගන්න.program එක run කරාම comboBox1 තුලට 1 සිට 10 දක්වා අංක ඇතුලු කල යුතු අතර  comboBox2 තුලටද 1 සිට 10 දක්වා අංක ඇතුලු කල යුතුය.මෙවැනි ආකාරයට Loop එකක් තුල තවත් එකක් Loop ක්රියාත්මක කල හැකිය.දැන් Button1 සදහා පහත ආකාරයට codings ලියන්න.
int a = 1;

for loop යොදා ගෙන වැඩසටහන් සැකසීම


සෑම programming language එකකටම පොදු දෙයක් ලෙස loop හැදින්විය හැකිය.loop එකක් මගින් කරන්නේ එකම කෝඩ් කොටසක් නැවත නැවත ක්රියාත්මක කිරීමයි.loop වර්ග ගණනාවක් ඇති අතර ඉන් for loop නිතරම භාවිතා කිරීමට සිදුවන loop එකකි.අපි අද මෙම loop එක යොදා ගන්නා ආකාරය බලමු.for loop එකෙහි සාමාන්‍ය ව්‍යුහය පහත පරිදිය.

for(data ටයිප් එක variable නාමය සහ ආරම්භක අගය‍;| සැසදීම අවසන් කල යුතු අගය;| ක්රියාත්මක විය යුතු ආකාරය)
{

Monday, May 14, 2012

office මීලග පැකේජය 2012 දී


   microsoft office පැකේජයේ මීලග සංස්කරණය එලි දැකීමට තව ඇත්තේ බොහොම ටික කලයි එය 2012 දී එලි දැක්වීමට නියමිතව ඇත.මෙහි කේත නාමය office 15 ලෙසනම් කර ඇත.මීට පෙර office පැකේජය office 14 ලෙස නම් කර තිබුණි.නමුත් එහි වෙළද නාමය office  2007 ලෙස නම් විය දැනට පවතින තත්වයට අනුව මීලග office පැකේජයේ වෙළද නාමය කුමක්ද යන්න තීරණය තවමත් අවිනිශ්ෂිතය.බොහෝ දුරටඑය office  2012 ලෙස නම් වීමට බොහෝ ඉඩ කඩ ඇත.කුමක් හෝ හේතුවක් නිසා එය 2013 දී එලි දක්ක්වුවහොත් එය office  2013 ලෙස නම් නොකරනු ඇත මන්දයත් 2013 යනු නරක ඉලක්කමක් ලෙස බටහිර ජාතීන් පිළිගනී.එම නිසා එය office 2014 ලෙස නම් කරනු ඇත.

Thursday, May 10, 2012

Do while loop භාවිත කිරීම

do while loop එක ක්‍රියාත්මක වෙන්නේ අප විසින් දෙන කොන්දේසියක් සත්‍යව පවතින තාක් පමණි.මෙහිදී කොන්දේසිය අසත්‍ය වුවහොත් අදාල loop එකෙන් ඉවත් වේ.do while loop හි පොදු සැකැස්ම පහත පරිදිය.
do
{
ලූප් එක තුල ක්‍රියාත්මක විය යුතු coding 
}
while කොන්දේසිය


Do while loop එක කිරියාත්මක වන ආකාරය අවබෝධ කර ගැනීම සදහා පහත දැක්වෙන ලේබල් එක සහ

Thursday, May 3, 2012

ලැප් ඒකක් ගන්න යන අයට.....

අද ඔයාලට  ඔයාලට කියන්න හදන්නේ LAP එකක් ගන්න එරහ කරන අයට ගොඩක් වටින දේවල් ටිකක් ගැන.ඒත් ඉතින් දැනටමත් LAP  එකක් අරගෙන තියෙන අයට වැදගත් නෑ කියනවා නෙවේ.ඔයාලම කියවලා බලන්නකෝ හොදද කියලා....
හරි....දැන් සමහර කට්ටිය නම් තමන් ගන්න ලැප් එකේ   Specilification බලනවා. සමහර කට්ටිය විතරක් නෙමේ.....හැම කට්ටියම බලන්නේ ඒක තමා. ඒ කියන්නේ ඔය Processor, RAM, HDD, VGA, Sound, Battery Life, Screen Size වගේ ඒවා තමා මුලටම එන්නේ.
අපි බලමු මුලින්ම Processor ඒක කොහොම වෙන්න ඕනද කියල ?
මේක තමා මුලටම එන්නේ. මේකෙන් තමා ගොඩක් වෙලාවට ලැප් වල ගණන් එහෙම වෙනස් වෙන්නේ. Intel Pentium 3, Intel Pentium 4, Intel Atom, Intel Dual Core, Intel Core 2 Duo, Intel

USB 3.0 ගැන..

යුඑස් බී 3.0 පෝට් ඇති උපාංග වෙළෙදපලට ඉදිරිපත් උනේ මෙම වසරේදීය.ලෝකයේ බොහෝ සමාගම් usb 3.0 වලට සරිලන පරිදි පරිගණක සහ telephone නිපදවා ඇත.මෙම usb 3.0 පෝට් සහිත උපකරන වල මුලින්ම වැඩ පෙන්නුවේ 2007 සැප්තැම්බර් 18 වැනිදා intel forum සමුලුවේදිය.එහෙත් usb 3.0 පෝට් වලට ගැලපෙන ආකාරයට  පරිගණක දෘඩාංග තැනීමට සෑහෙන තරමි කාලයක් උවමනා විය.දැන් AMD CHIP බොහොමයක් එන්නේ usb 3.0 වලට ගැලපෙන ආකාරයටයි.එසේම දැනට තිබෙන නෙයෙක් මොබයිල් ෆෝන් අතරින් කෝටි 1200 කම මෙම usb 3.0 පෝට් ඇත.

Internet Download Manager v6.07


 IDM මෘදුකාංගය Internet Explorer, AOL, MSN, Mozilla, Netscape, Firefox, Avant Browser, Google Chrome වැනි ඕනෑම ජනප්‍රිය බ්‍රව්සරයක් තුල ඉතා පහසුවෙන් ක්‍රියාත්මක වේ. මෙහිදී ඉතා පහසුවෙන් ඔබගේ බා ගැනීම සිදුකල හැකිය. කල යුත්තේ අදාල බා ගැනීම සදහා අවශ්‍ය link එක මත එක් වරක් click කිරීම පමණි. එවිට IDM මගින් ස්වයංක්‍රියවම ඔබට අවශ්‍ය බා ගැනීම සිදුකරයි. එනම් IDM මගින් ඔබගේ බා ගැනීම් සැනෙකින් හදුනාගෙන ඒවා ඉතාමත් වේගයෙන් බා ගැනීම සිදුකරයි. YouTube, Myspace-TV, හා Google Video වැනි ජනප්‍රිය වීඩියෝ වෙබ් අඩවි තුළින් වීඩියෝ නරඹන අතර තුර ලබාදෙන "Download This Video" යන button එක තුලින් ඉතා පහසුවෙන් අදාල වීඩීයෝ එක බා ගත හැකිය. සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් බා ගැනීමට සාපේක්ෂව, IDM හරහා සිදුකරන බා ගැනීම අදහාගත නොහැකි තරම් වේගවත් වේ, ආර්ක්ෂාකාරී වේ.

Advanced system care 5.

අද ඔයාලට කියල දෙන්න යන්නේ  software එකක් සම්පුර්ණයෙන්ම uninstall
කරන්ින් කොහොමද කියලා..අපි සාමාන්යෙන් software එකක් උනින්ස්ටල්ල් කරන්නේ control panel වලින්නේ නේද ඔයාලට sure ද හරියටම software  එක uninstall වෙනවද කියලා සමහර අයටනම් අත්දැකීම් ඇති කෝකටත් control  panel වලින් software uninstall කරන අය පොඩි search පාරක් දල බැලුවොත් ඔයාලටම දකින්න පුළුවන් short  cut කෙය් එහෙම ඉතිරි වෙලා තියෙනවා අපි uninstall කරනම් එහෙම ඉතිරි වෙන්න බෑ නේද එහෙම උනාම වෙන්නේ අපි uninstall කරද්දී ඉතිරි වෙන පොඩි පොඩි කැලි එකතුවෙලා dump file  හැදෙන එක අපිට එක ගානක් නැති උනාට කාලයක් මෙහෙම උනාම hard  ඩිස්ක් එකට තමා අවුල මොකද කියලා දන්නවද මෙහෙම කාලයක්‌