Friday, May 18, 2012

Loop එකක් තුල තවත් එකක් Loop ක්රියාත්මක කිරීම


වැඩසටහන් සැකසීමේදි Loop එකක් තුල තවත් එකක් Loop ක්රියාත්මක කරවීම තේරැම් කර ගැනීමට අපි පහත වැඩසටහන යොදා ගනිමු.ඒ සදහා ෆෝම් එකට කොම්බො බොක්ස් 2ක්සහ බට්න් අතුලු කර ගන්න.program එක run කරාම comboBox1 තුලට 1 සිට 10 දක්වා අංක ඇතුලු කල යුතු අතර  comboBox2 තුලටද 1 සිට 10 දක්වා අංක ඇතුලු කල යුතුය.මෙවැනි ආකාරයට Loop එකක් තුල තවත් එකක් Loop ක්රියාත්මක කල හැකිය.දැන් Button1 සදහා පහත ආකාරයට codings ලියන්න.
int a = 1;



do
{
    int b =1;
    comboBox1.Items.Add(a);
    a = a+1;
do
    {
        comboBox2.Items.Add(b);
        b = b+1;
    }
while (b <= 10);
}
while (a <= 10);
මෙහිදි පලමු Loop එක තුලදි b නම් ඉන්ටිජර් වේරියබල් එක සකසා එයට අංක එක ඇතුලු කරයි.අමතරව a එකෙහි අගය comboBox1 තුල පෙන්වීමත් a = a+1 මගින් a වල අගයට 1ක් එකතු කිරීමත් සිදු වේ.පලමු Loop එක අවසානයේදි දෙවන Loop එක ආරම්භ වන නිසා පලමු ලූප් එක වටයක් ක්රියාත්මක වෙද්දි දෙවැනි Loop එක ආරමිභ වේ.මෙහි ඔබට අවශ්‍ය ආකාරයට වෙනස් කරමින් try කරලා බලන්න.තවත් දවසක අලුත් පාඩමක් සමග හමුවෙමු.