Saturday, June 16, 2012

C# වලින් සරල MP3 Player එකක් හදමුද????



කොහොමද යාලුවනේ හොදින් කියලා හිතනවා අද අරගෙන ආවේ C# වලින් සරල MP3 Player එකක් හදාගන්න විදිය. MP3 Player එකක් කිව්වම හිතෙනවා ඇති පට්ට දිග කෝඩිංග්ස් ලියන්න ඇති කියලා.බොහොම පොඩි  කෝඩිංග්ස් ටිකක් තමා තියෙන්නේ ඒත් properties setting ටික තමා මෙතනදි වැදගත් වෙන්නෙ.වැඩේ කරන විදිය අග ඉදන් මුලට කියලා දෙන්නම් පෝස්ට් එක ඉවර වෙනකන්ම කියවන්න වෙනවා හැබැයි.......අවසානෙ ඔයාලටත් පුලුවන් ඔයාලගෙම ප්ලේයර් එකකින් සින්දු අහන්න.එහෙනම් ඉතින් වැඩ පටන් ගමු නේද?.
මුලින්ම කරන්න තියෙන්නෙ.visual studio open කරලා New project වලින් Windows Forms Application තෝරලා ඔයාලා කැමති නමක් දීලා project එකක් open කරන එක.ඊට පස්සේ Tool Box එක උඩ Right ක්ලික් කරලා “Choose Item”  කියන එක තෝරන්න.(01 රෑපය).ඊට පස්සේ එන window එකෙන් COM Components කියන tab එක යටතේ තියෙක Windows media player කියන එකට ටික් එකක් දාලා Ok කරන්න.(02 රෑපය)ඊට පස්සෙ Tool Box එකේ යටින් පෙන්නනවා අපි add කරපු  Windows media player එ‍කේ ලාංජනය.දැන් Tool Box එකේ ඇති TableLayoutPannel කියලා එකක් ඒක ෆෝම් එක මත ඇදගන්න.ඒකේ ColumnCount එක “1”ලෙසත් ,RowCount “3” ලෙසත්,Dock “Fill” ලෙසත්  Properties සකසන්න.ඊට පස්සෙ අපි ඇදගත් එකේ උඩින් ඇති පොඩි ත්රිකෝණයක් වගේ එකක් ඒක උඩ ක්ලික් කරලා Edit Rows and Column තෝරන්න.(03 රෑපය) දැන් එන Window එකේ show යටතේ තියෙන Rows තෝරලා දීලා  තමන්ට කැමති විදියට size එක හදාගන්න.(04 රෑපය)
ඊලගට අපි ඇදගත් එකේ යටම Row එකට OPEN  කියලා බටින් එකක් එකතු කරගන්න Dock Properties “Fill” ලෙසත්  සකසන්න.උඩම Row එකට අපි ගත්තු Windows media player එක ඩ්රැග් කරන්න.(05 රෑපය).මැද එකට List Box එකක් add කරගන්න.ඒකෙත් Dock Properties “Fill” ලෙසත්  සකසන්න.දැන්  Tool Box එකේ Dialogs යටතේ තියෙන OpenFileDialog” Box එක ෆෝම් එක මතට ගන්න.පහත විදියට ඒකෙත් Properties සකසන්න.
FilterIndex = 1
MultiSelect = True
Filter = MP3 Files|*.mp3|WAV Files|*.wav

දැන් තියෙන්නේ coding ලියන්න.ඒකට බට්න් එක උඩ ඩබල් ක්ලික් කරලා පහත තියෙන කෝඩ් ටික ලියන්න.
public partial class Form1 : Form
    {
        public Form1()
        {
            InitializeComponent();
        }
        string[] files, paths;//මේකත් ලියන්න.
        private void button1_Click(object sender, EventArgs e)
        {
            if (openFileDialog1.ShowDialog() == System.Windows.Forms.DialogResult.OK)
            {
                files = openFileDialog1.SafeFileNames;
                paths = openFileDialog1.FileNames;
                for (int i = 0; i < files.Length; i++)
                {
                    listBox1.Items.Add(files[i]);
                }

            }
        }

දැන් List Box එකේ Event වලින් SelectedIndexChanged කියන Event  එක ඉදිරියෙන් ඩබල් ක්ලික් කරලා පහත තියෙන කෝඩ් එක ලියන්න.

private void listBox1_SelectedIndexChanged(object sender, EventArgs e)
        {
            axWindowsMediaPlayer1.URL = paths[listBox1.SelectedIndex];
        }

මෙන්න රෑප ටික


 



මේ මම හදපු එක.



ඔයාලත් කරලා බලන්න මතක ඇතුව කමෙන්ටුවකුත් දාලා යන්න හොදේ.........


0 comments: