කලින් පාඩමකින් වැඩසටහනකට Beep
Tones සහ වෙනත් හඩ
කොටස් යොදාගෙන වැඩසටහන් සකස් කරන විදිය ගැන කතා කලා.ඔන්න කියපු විදියටම අද අරගෙන
ආවේ සරල ඕගනයක් හදන්නෙ කොහොමද කියලා.මේ සදහා
මුලින්ම ෆෝම් එක මතට බට්න් 13 ක් ඇතුලත් කරගන්න.(පහලින් තියෙන රෑපයේ ආකාරයට)ඒ වගේම
හැම බට්න් එකක් යටින්ම මුලික ස්වර වල නම් දැක්වෙන ලේබල් 13කුත් එකතු කරගන්න.මුලික
ස්වර තමයි C,C#,D,Eb,E,F,F#,G,Ab,A,Bb,B,සහ C.
දැන් අපි මේ හදන ඕගන් එක Key Board එක මගින් ක්රියාත්මක
කල හැකි ආකාරයට හදන්නයි යන්නෙ.මේකට Key
Board එකේ පහසු Key ටිකක් තෝරා ගන්න ඕනේ ඒ නිසා පහලින් තියෙන
රෑපයේ විදියට බට්න් සදහා පිලිවෙලින් Z,S,X,D,C,Y,G,B,H,N,J,M
විදියට නම් යොදාගන්න.මේ අකුරැ තද කරන විට අදාල බට්න් එක
ක්රියාත්මක වෙන්නනම් අදාල බට්න් එක නම් කරද්දි ඊට ඉදිරියෙන් “&” මාර්ක් එක
යොදන්න.උදාහරණයක් විදියට Z ට අදාල බට්න්
එකේ Text Property එක ඉදිරියෙන් &Z කියලා type කරානම් හරි.ඕනෙම
අකුරක් ඉදිරියෙන් & මාර්ක් එක යෙදුවොත් ඒකට පස්සෙ තියෙන අකුර Key
Board එකෙන් තද කරද්දි ඊට අදාල බට්න් එක
ක්රියාත්මක වෙනවා.දැන් පහලින් තියෙන විදියට ෆෝම් එක ඩිසයින් කරලා අදාල කෝඩිංග්ස්
මේ ආකාරයට ලියන්න.
- C ස්වරය සදහා - Console.Beep(261,500);
- C# ස්වරය සදහා - Console.Beep(277,500);
- Eb ස්වරය සදහා - Console.Beep(293,500);
- E ස්වරය සදහා - Console.Beep(311,500);
- F ස්වරය සදහා - Console.Beep(349,500);
- F# ස්වරය සදහා - Console.Beep(370,500);
- G ස්වරය සදහා - Console.Beep(392,500);
- Ab ස්වරය සදහා - Console.Beep(415,500);
- A ස්වරය සදහා - Console.Beep(440,500);
- Bb ස්වරය සදහා - Console.Beep(466,500);
- C ස්වරය සදහා - Console.Beep(494,500);
- ස්වරය සදහා - Console.Beep(523,500);
බට්න් වල Text properties එක හදන්නෙ මේ විදියට